බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
boer-sirakaruwakuge-mathaka-satahan-padma-gunasekara-sunera
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි. දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි. 1901දී තවත් පන්දහසක් පමන යුද සිරකරුවන් සමඟ ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අකර වැඩිකලක් ගත කළේ දියතලාව හා රාගම සිරකඳවුරුවලය. ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුමු දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණුඩුව සමාවක් දුන් අතර බ්‍රින්ක්ද සමාව ලැබූ සිරකරුවෙක් වශයෙන් තග කළ කාලයේ මහනුවර අනුරාධපුරය වැනි පෙදෙස්වල සැරිසැරුවේය.
සිය මවුබිමේදී යුද සිරකරුවකු බවට පත්වූ කාලයේ ගත කළ කටුක ජීවිතයත් මොන්ගෝලියන් නම් නැවේ ගත කළ ජීවිතයත් දියතලාව හා රාගම සිරකඳවුරුවල ගත කළ කාලයත් අලළා ඔහු මවුබිමට ගියපසු Recollections of a Boer Prisoner of- War at Ceylon නමින් ලියූ මේ පොතෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංග්‍රීසින් සතුරාට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම් ඉතා විස්තරාත්මකව ගෙන එයි. ඔහුගේ ඇතැම් විස්තහර අපට නිතැතින්ම සිහිකරන්නේ වෙල්ලස්ස කැහරැල්ලේදී ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් හැසිරුණු ආාරයයි.
මේ පොතට පසුබිම් වන බෝයර්වරු ඔවුන්ගේ මවුබිම හා ලංකාවට ගෙන ආ බෝයර් සිරකරුවන් ගැනද පොත කියවන පාඨකයන් දැනුවත් කරනු පිණිස අප විසින් ලියා ඇති පසුබිම් සටහනක් ද මෙහි ඇතුළත්ය.
Back to Top