Back to Top
දුර්ගා
Special Price
රු. 800.00
Regular Price
රු. 1,000.00
Out of stock
SKU
durga-sameera-ekanayake-kathru-grantha-distribution
ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬු කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරින් පිටව කන්ද පාර දෙසට දිව ගියාය.ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වු නිසා කෑලෑ හොරුන්ගේ පැමිණිමත් සමඟ කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි වූවාය.පලා යන මොහොතේ කාල්ටන් විසින් පැලේ තිබූ මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත.කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරිමට ඔහු බැඳි සිටියේය.විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩී කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි.එය ඇසෙත්ම දෙදෙනාගේම ඇස් එකවර ගැටුණෙත් හඳවත් මදකට නතර වූයෙත් සිය ළබැඳියන් තිදෙනා සිහිවීමෙන්ය.