Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුර්ගා

දුර්ගා

About this book
ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬු කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරින් පිටව කන්ද පාර දෙසට දිව ගියාය.ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වු නිසා කෑලෑ හොරුන්ගේ පැමිණිමත් සමඟ කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි වූවාය.පලා යන මොහොතේ කාල්ටන් විසින් පැලේ තිබූ මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත.කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරිමට ඔහු බැඳි සිටියේය.විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩී කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි.එය ඇසෙත්ම දෙදෙනාගේම ඇස් එකවර ගැටුණෙත් හඳවත් මදකට නතර වූයෙත් සිය ළබැඳියන් තිදෙනා සිහිවීමෙන්ය.
Details
ISBN
9786249800502
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. වෙනස්ම නැවුම් කතාවක්
    වෙනස්ම කල්පිතයක් වටා ගොඩනැගුණු ත්‍රාසය කුතුහලය ආදරය වෛරය වැනි බොහෝ රස එකතු වුණ වෙනස්ම විදිහෙ පොතක් විදිහටයි මම දුර්ගා දැක්කේ. කෙටි සිදුවීම් එකිනෙක සම්බන්ධ කරපු පරිච්ඡේද සහිත ලිවීම පොත තුල එකදිගටම පාඨකයා රදවා ගන්න සමත් වෙනවා. ඒ වගේම විවිධ කාල වකවානු , එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් , එකිනෙකට සම්බන්ධ නැති ස්ථාන වලින් පටන් අරගෙන ඒ හැමදේම එකිනෙකට සම්බන්ධ කරමින් හොඳ කුතුහලයක් රඳවා ගනිමින් ලියැවී තිබෙන නිසා හරි උද්යෝගයකින් කියවිය හැකි පොතක්.
    කවරෙ තියෙන කාන්තා රූපයත් කාන්තා නමක් විදිහට පමණක් එකවර හැඟෙන පොතේ නමත් නිසා එකවර මේක සාමාන්‍ය කතාවක් කියල හිතුනත් මේක අනිවාර්යෙන්ම කියවලා බලන්න ඕනේ අසාමාන්‍ය කතාවක්.
    Erandi Jayathunga ·
Write a review

You're reviewing: දුර්ගා

Reviews are published once a member of our team has read them.