පතොක් මලක්
“කොහොමද බෑජ් රෙප් කප්‍යා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?”
අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.
“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ. මුල ඉඳන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.”
“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ. ඔයා මුල ඉඳන්ම කියනව නම් අහන් ඉන්න එක නම් මට ප්‍රශ්නයක් නෙවෙයි.”
“එහෙනම් එහෙමවත් පටන් ගමුකෝ නංගි. මේක නංගිට මතකද දන්නෙ නැහැ, මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා. එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ ඔයා වැලන්ටයි වුණ නිසා කියලනේ. ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”
“මොකක්ද කප්‍යා අයියේ ඒ?”
“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලෙකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබිච්ච අහිංසක ලස්සනක් ඔයාගේ තිබුණා. අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියෙනවා.”
අස්ලි සිනාසුනාය. ඒ සිනහව සරදමත් සතුටත් එකට මුහුවූ සිනහවක් විය.
“සමහර වෙලාවට කෙල්ලෙක්ට ලස්සන ලැබෙන්නේ කරපු පවකට වෙන්නත් පුළුවන් අයියේ. ඔය ලස්සන නිසාම විනාස වුණා වගේම විනාස වෙන ජීවිත කතා නැතුවම නෙවෙයි.”
“ඒ කිව්වේ නංගි?”
“ගොඩක් ලස්සන කෙල්ලො පිටිපස්සේ තියෙන්නේ කඳුළු කතාවක් අයියේ. ඒක අමතක කරන්නකෝ... මම හිතන්නේ නෑ කප්‍යා අයියා මාව එක්කගෙන ආවේ මගේ ලස්සන ගැන ගුණ වර්ණනාවක් කරන්න වෙන්න ඇති කියලා.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
පතොක් මලක්මෙය ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්රකාශනය පිළිබඳ විචාරයකිකටු කොහොලින් පිරි දිලිදු කටු මැටි ගෙපැල තුල උපන් අස්ලි මල....දුටුවන් මන බදන රූ සපුවෙන් අනූන රූ සපුවට නොදෙවෙනි උගත්කමෙන් පිරි සුන්දර අස්ලි මල....සරසවි වරම් ලබා මවුගේ සිහින මල් පනගන්වන්නට පා තැබූ දිරිය දියනිය....මවගේ ජීවය රැක ගැන්මට තම අභිමානය සුදු රෙදිකඩ මත පාපතරයන්ට බිලි දුන් අසරණ පතොක් මල....තම ජීවිතය කෙලෙසූ මෙන්ම තම ජීවිතයට මිලක් දුන් කිලිටි බිම නීතියට අසු කරන්නට සහය වූ ඇය අවසානයේදී තම ජීවිතය සත්‍ය ප්‍රේමයෙන් පුරවා ගන්නීය....
"සොඳුරු වස්සානයත් කුරිරු ගිම්හනයත් සම සිතින් දරන්නී"
ලෙහාන් හදුන්ගේ❤️
❤️නිෂ්❤️ -
පතොක් මලක්මෙය ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්රකාශනය පිළිබඳ විචාරයකිපතොක් මලක් ????????
"සොඳුරු වස්සානයත් ,කුරිරු ගිම්හානයත් සමසිතින් දරන්නී"????
පතොක් මලක් කතෘ සමීප වී බොහෝ කාලයක් ඉක්මවා ගොස් ඇත.
"නව කතාවක් නම් එක හුස්මට කියවා අවසන් කළ නොහැක්කේ ය"
නමුත්, මා පතොක් මලක් එක හුස්මට කියවා, පසෙකින් තබා කාර්තුවකුත් ඉක්මවා ගොස් ඇත.
නමුත්, අස්ලි ත් කැපා ත් මා තුළ තවමත් ජීවමානව සිටින හෙයින්, පතොක් මලක් ගැන සටහනක් තැබීම අත්‍යවශ්‍ය වන්නේ, විසි එක් වන සියවසේ කතුවරයා, මා ගමන් කළ තුම්මුල්ල , මා සැරිසැරූ රීට් පෙදෙසේ මා නුදුටු අස්ලිත් ,කැපාත් දැක ඇති නිසාවෙනි.
මට මඟ හැරුණු අස්ලි - කැපා තවත් නෙතකින් ගිලිහි නොයා යුතු බව මාගේ හැඟීමයි.
බහු කුසලතාවන්ගෙන් සපිරි කතුවරයා යොදාගත් අනුභූතිය තවමත් මා හට හෘදහාරී ය.විසි එක් වියැති තරුණ කොලු ගැටයෙකුගෙන් ,මා කිසිලෙසකින් අපේක්ෂා නොකළ ජීවත අවබෝධයක් සහ ජීවිත පරිඥානයක් මා දකිමි.තත්‍ය ලෝකය තුළ දී ත් මා ඔහු කෙරෙන් ජීවිත අවබෝධයෙන් යුත් පොළවේ පය ගසා සිටින්නෙකු දකින්නෙමි.
මා නුදුටු අස්ලි - කැපා ඔබ දැක ඇතිව ඇත.
සුබ පැතුම්❤
-
පතොක් මලක්මෙය ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්රකාශනය පිළිබඳ විචාරයකිරුදු වියරු කතර මැද
නැගුණු කටු පඳුර මත
කෙසේ සුපිපුණාදෝ
මලක් ඒ සා සොඳුරු...
පතොක් පඳුරු මත පිපෙන ඒ සුන්දර මල් දකින ඕනෑම හිතකට එවන් කුකුසක් ඇති වීම අරුමයක් නොවෙයි. ලෙහාන් හඳුන්ගේ තරුණ කතුවරයා තම පළමු නවකතාවෙන් ජීවය දෙන්නේ එවන් පතොක් මලකට. 'සොඳුරු වස්සානයත්, කුරිරු ගිම්හානයත් සම සිතින් දරන්නී' යන අපූර්වතම තේමා පාඨයත් සමග ඔහු අප වෙත ගෙන එන එම පතොක් මලේ කතාන්දරය කියවාගෙන යන අතරේ මා හට දැනුණේම ඔහු බොහෝ දුර ගමනක් යා හැකි නිර්භීත කතුවරයෙකු බවයි.
කතාන්දරය ඇරඹෙන්නේ කතා නායිකාවගේ අතීතය සේ ම අනාගතය ගැනද කුතුහලයක් රඳවන අතරමැදි තැනකින්. ඉන් ඔබ්බට පරිච්ඡේද ගලා යන්නේ ඇගේ වර්තමානයත්, අතීත මතකයනුත් අතර වරින්වර මාරු වෙමින්. එය පාඨකයෙකු ලෙස මට ලබාදුන්නේ රසවත් අත්දැකීමක්.
කතා නායිකාව සිය ජීවිතයේ මුහුණ දෙන විවිධාකාර වූ හැළහැප්පීම් මතින් ඇයට මලක් සේ විකසිත වන්නට දියද පොහොරද ලබා දෙන්නවුන් බොහොමයි. එසේම ඒ මල තලා පෙලා උදුරා දමන්නට තැත් දරන්නවුන්ද බොහොමයි. ඈ ජීවිතය දිනන්නට මග සොයා යන්නේ - වැරදෙමින්, පය පැකිළී ඇද වැටෙමින්, පැරදෙමින්, එනමුදු නොපසුබසිමින් ගමන් ගන්නේ - ඒ සියල්ල මැදින්. ඉදින් ඇයට - අස්ලි නමැති ඒ පතොක් මලට - විකසිත වන්නට ඉඩ ලැබේවිද? සමාජය තුළ අඩුවෙන් කතාබහට ලක්වන පසුබිම් කතාවක් සහිත ඈගේ ඒ කටුක, දුක්බර, ප්‍රීතිමත්, පෙම්වත් සියලු මනෝභාවයන් අත් විඳින්නට සූදානමින් ඔබද 'පතොක් මලක්' අතට ගෙන කියවා බලන්න.
කුතුහලය රඳවාගනිමින් කතාන්දරය ඉදිරිපත් කිරීමේ විලාශය කෘතියේ අවසානය වන තුරුම ඉහළ මට්ටමක පවත්වාගන්නට කතුවරයා සමත් වී තිබෙනවා. කතා නායිකාවගේ චරිතයත් පාඨකයාට හොඳින් දැනෙනා ලෙස ගොඩනැගී තිබෙනවා. එනමුත් ඇතැම් අවශේෂ චරිත තවත් මඳක් සමබරව ගොඩනැගුණානම් වඩාත් සාර්ථක වනු ඇති බවක් මට දැනුණා. කෘතියෙහි නමත්, තේමා පාඨයත්, සුන්දර කවරයත් කතාන්දරයට සර්ව සාධාරණයක් ඉටු කරන බවත් නොකියාම බැහැ.
කියවා දින කිහිපයක් ගෙවී ගොස් ඇතත්, කියවා නිම වූ සැණින් කතු තුමන්ට මාගේ අදහස් පෞද්ගලිකව දන්වා යැවූවත්, මෙලෙසින්ද සටහනක් එක් කරන්නට සිතුවේ එය කතුවරයාට සතුටක්, දිරියක් වන බව දන්නා නිසාය. එසේම, මෙම කෘතිය එවැනි ඇගැයුමක් ලබන්නට සුදුසු නිසාය.
'විසල් අහස යට අනේක සිතුවිලි' කවි පොත කියවා, ඒ අකුරුවලින් ලියැවුණු නවකතාවක් කියවන්නට බලා සිටි ආශාව ඉටු කර දුන්නාට බොහෝම ස්තුතියි ලෙහාන් මල්ලී. තුති මල් අතර මගේ නම දැකීමෙන් දැනුණු පුදුමයත්, සතුටත් නිමක් නැහැ. ඉතින් මගේ ඊළඟ ඉල්ලීම මේ පළමු පියවරෙන් ඇරඹුණ ගමන් මග දිගේ වඩ වඩාත් සාර්ථක වෙමින් ඉදිරියටම යන්න, අපිට කියවන්න තව තවත් පොත් ගොඩක් ලියන්න. ඒක මං නොඉල්ලුවත් ඔයා කොහොමත් කරන බව මං දන්නවා. හදවතින්ම සුබපැතුම්! ???? -
★★★☆☆ අස්ලි නම් තරුණියක් වටාගෙතී ඇති කුතුහලයෙන් කියවිය හැකි අපූරු පොතක්.මෙය ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්රකාශනය පිළිබඳ විචාරයකිසමාජයේ එදිනෙදා දකින මිනිසුන්ගේ ජීවිත වල අපි දකින්නට උත්සාහා නොකරන පැතිකඩවල් සම්බන්දව ලියැවුනු සංවේදී කතාවක්. සාමාන්‍ය සරල කතාවක් ලියන ආකෘතියට එහායින් මුල සහ අග දක්ශ ලෙස සම්බන්ද කරමින් හොද කුතුහලයක් රදවාගනිමින් කතාව ගොඩනගලා තියනවා. චරිත ගොඩනංවලා තියන විදිහ ඉතා හොදයි. චරිත වටා සහ මේ සිද්දි වටා පාඨකයා රදවාගන්න කතුවරයා සමත්වෙලා තිබුනා. නමුත් කතාවේ සමහර තැන් විස්තර කිරීම් අඩු උනානම් ( විශ්ව විද්‍යාල සම්බන්ද දීර්ඝ ඒකාකාරී සිදුවීම් ) සහ ඇතැම් තැන් තවත් සවිස්තර වූවානම් ( අවසන් සිදුවීම් පෙල ) වඩා හොදයි.
කතාවට පදනම් කරගෙන තියන තේමාවට ඉතාම ගැලපෙන විදිහට යොදපු නමක් තියන පොතක්.