පතොක් මලක්
"කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.
"මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප්රශ්නයක් නෙවෙයි."
"එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා."
"මොකද්ද කැපා අයියේ ඒ ?"
"ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලයකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගේ තිබිලා තිබුණා.අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියනවා."
අස්ලි සිනාසුණේය.ඒ සිනහව සරදමත් සතුටත් එකට මුසුවු සිනහවක් විය.
Author | ලෙහාන් හඳුන්ගේ - Lehan Handunge (5) |
---|---|
Publisher | ග්රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (133) |
ISBN | 9786245572229 |
---|---|
පිටු ගණන | 284 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |