Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / surprise Deals / විකිණී අවසන්

විකිණී අවසන්

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
කෘති එකතුව (Series): surprise Deals
About this book
අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත්‍රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද්‍යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත්‍ය සෑමවිටම සත්‍යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?
ISBN
9789553493910
පිටු ගණන (Pages)
211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
විකිණී අවසන්
This book විකිණී අවසන් ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර
රු. 1,040.00 රු. 1,300.00
නිදන විල කේෂාන් හරේෂු
රු. 640.00 රු. 800.00
මැරෙන්න කලින් ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර
රු. 400.00 රු. 800.00
3 books selected
රු. 2,080.00 රු. 2,900.00
Save රු. 820.00 off the publisher's price
Customer Reviews 7
  1. මගේ අදහස - විකිණී අවසන්
    ලාංකිකයෙක් හොඳ සිහි බුද්ධිය ඇතුව ජීවිතේ එක්වරක් හෝ කියවිය යුතුම පොතක්. SUPERB
    හෂී රාක්කයේ ඇත ·
  2. masterpiece
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    wenasma shanayak thiyenne,hithuwtt wd godak hondai,mek release wenknm indl ar gtte ,superb
    Laranga රාක්කයේ ඇත ·
  3. ★★★★★ Good
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Seems to be a good book
    Shan ·
  4. ★★★★★ "අපිට හොරෙන් අපි විකිණෙන රටක් මේක!"
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    අපි නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක ඇතුළත ද? සත්‍ය සෑමවිටම සත්‍යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?

    "අපිට හොරෙන් අපි විකිණෙන රටක් මේක!"
    - සුදු කරමලයා -

    ????️විකිණී අවසන් - SOLD OUT
    (Conspiracy Thriller Fiction Novel)

    මේක පොත ගැන විවරණයක් ද විචාරයක් ද , එහෙම කරන්න තරම් තියෙන සුදුසුකම් මොනාද කියනවට වඩා, පොත ගැන මොකක්ම හරි ලියන්නම ඕන කියල හිතුණෙ පොතේ පලමු පරිච්ඡේද කීපයක් කියවනකොටමයි. ඒ ඇම්ම කොච්චරක් ද කියන්නෙ, දින කීපයක් තිස්සෙ නැවත පටන් අරන් තිබ්බ අවුරුදු පහකටත් පෙරදී නවතලා දමපු පොත් කියවිල්ල පැත්තක දාලා, මොනාම හරි ලියලා ඉවර වෙනකම්ම තවත් පොතක් අතින් අල්ලනවා තියා තව ලිපියක්වත් කියවන්නෙම නැහැයි කියන, කොටින්ම කතාව ගැලවිලා වැටෙයි කියන බයට ඔලුවවත් හොලවන්නෙ නැහැයි කියන තිර අදිටනින් පටන් අරන් ලියන්නෙ, අඩුම පොත ගැන කිසිම ආටිකල් එකක්වත් අදහසක්වත් recommend එකක්වත් නොබලාම ලියන්නෙ, මගේ හිතලු කලවම් වෙයි කියලා.

    කූඹියෙක් වගේ කුඩාම සරලම පාඨක තනතුරේදී පොත ගැන මට දැනුන දේ...

    පරිවර්තන කතාවක් නොවන
    පොත ගැන තනි වචනෙන් කියන්න තියෙන්නෙ, පොත නම් පට්ට!

    +පොත ලස්සනයි ද?
    - ලස්සනයි කියන්නෙ ඉවර වෙනකම්ම එකපාරක් කියවලා, තව දෙපාරක්වත් අඩුම කියවන්න ඕන පොතක් මේක!

    එහෙම කිව්වෙ ඇයි කියල හිතාගන්න ඔයාට පොත කියවන්නම වෙනවා.

    අකමැත්තෙන් වගේ ගත්ත පොත, කියවන්න කලින් බොහොම අමාරුවෙන් හිත කැමති කරවගත්තේ පිටකවරෙ නිසා. නොහිතුව විදියට පොත ඇතුලෙ තිබ්බ කතු අත්සනත් පොඩි කික් එකක් දුන්නා මොළේට, හිත හදාගෙන මේක නම් කියවන්නම ඕන කියලා.

    උසස් පෙළ විභාග අංකේ ඉන්ටර්නෙට් එකේ ගහලා ප්‍රතිඵලේ වැටෙනකම් ගතවෙන තත්පර දෙක තුන වගේ උනා ඊටපස්සෙ පිටුවකින් ඊලඟ පිටුවට යනකොට, ඊලඟට මොකක් වෙයිද කියන දෙගිඩියාවෙන්.
    නිතරම හිතුවේ අනේ සසාව මරන්න නම් එපාය කියල! අහිංසක මහිංසාගේ කතාව නම් හිතුවෙම නැතුව මැදට පැනපු ප්ලෑන් එකක්. හරියට තට්ටු බනිස් ගෙඩියක මැද චීස් පෙත්තක් වගේ.

    අනිත් හැම කතාවකම කලා වගේ පොත ඇතුලේ මටත් චරිතයක් වෙන් කරගන්න ඉඩක් නම් ලැබුනෙ නෑ. සමහර වෙලාවට දැන් කියවන දේ මොකක්ද බලන්න, rewind කරලා බලලා එන්නත් උනා.

    වෙලාවකට හිතුණා සසා කියන්නෙ ජිනිදු ද කියලත්. නැතිනම් බණ්ඩාර ඇතුලේ හිටියේ ජිනිදු ද?

    රතු කිකිළියෙක් එකපාරට වේදිකා ගත උනේ මොකද බැලුවත් පලමු දෙවෙනි ඡේද කියවද්දි තේරුණා මොකක්ද මේ කියලා.

    චන්ද්‍රසිරි මහාචාර්යතුමා කිව්වත් වගේ, භාෂා විලාසය / කථන ක්‍රමය අමුතුයි. නමුත් සිත් ගන්නා සුළුයි. ආදේශක නිදසුන්, උපමා උපමේය අතිශෝක්තියකට වඩා සරල ජීවිත වලට සමීපයි. මට නම් නිතර පොත් වල හමු නොවුන දේවල්.

    ඇරත් වතුරට නොබැස ගලක් උඩට වෙලා දේශීයත්වය ගැන ගැඹුරු කතාවකින් අකේන්ලා එක්ක ගහගන්න නෙදුල් සෙනෙවිරත්නලා සුලබ නැති ද?

    අනික බණ්ඩාරට, අකේන්ට වගේම මේ මටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා නෙදුල් ගෙන් අහන්න. අකේන් නෙදුල්ව ඇහැරවාගෙන එයි ද?

    බණ්ඩාර කොච්චර පරිස්සම් උනත් රටේ නම කොහෙවත් නොලියන්න. මේක අපි හැමෝගෙම හීන කතාවක්. ඒක ඇත්තම ඇත්ත!

    ඒ හීනෙ ඇත්ත කරන්න, හිතෙන දේවල් කියන්න මිනිස්සු බයයි. මොකද අකේන්ට විතරක් නෙවෙයි අනිත් තාත්තලාටත් තව ජීවත් වෙන්න ඕන වෙන කවුරු හරි ඒකට අකමැති වුණත්. ඒ නිසයි තෝර බේරගෙන ලියන්නෙ!

    .......................................................
    ජිනිදුට,

    පාඨක මොළේට පොඩි වෙහෙසක් දෙන්න ඔයා ගත්ත උත්සාහය අහක ගිහින් නෑ කියල කියන්නම ඕන. මේ වගේ කතා ආයෙත් ලියවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. එහෙම ලියවෙන්න ඔය පෑන කැමති කරගන්න තරම් ප්‍රමාණවත් පාඨක ප්‍රතිචාර මේ වෙද්දි නම් උතුරන්න ලැබිලා ඇති!

    දෙවෙනි කොටසක් පුළුවන් නම් කරමු. ඒකත් එක්තරා ඇබ්බැහියක් වෙයි, හරියට හෝම්ස්ගෙ පරීක්ෂණ වලට addict උනා වගේ. ආතර්ගෙ හෝම්ස්ට ඇඩික්ට් උනාට, ජිනිදුගේ සසාට ඇඩික්ට් වෙන්නද බණ්ඩාරට ඇඩික්ට් වෙන්නද කියලා තාමත් හිතාගන්න බෑ. මොකද හෝම්ස්ව අපි විශ්වාස කලාට සසාව විශ්වාස කරන්නම බෑ. ඉක්මනින් අහුවෙන්න බලන නිසා බණ්ඩාරවත් විශ්වාස කරන්න අමාරුයි. අන්තිමට අපිවත් මේ ප්ලෑන් එකක කොටසක් වෙලයි නතර වෙන්නෙ.

    ඒ වගේම අපිව කතාවෙන් ඈත් කරලා තියෙනවා අපූරුයි.

    අවසානෙට යෝජනා කරනවා මේකෙ රූප රචනයක් කරන්න කියලා. සිනමාපටයක් උනා නම් හොඳ වෙයි කොටස් සංස්කරණය නොකල. කොටස් වැඩි නිසාම නම් විතරක් ටෙලි කතා මාලාවක් කලත් කමක් නැහැ ඉතිං!

    පිටපත නම් ජිනිදුම ලියනවට හුඟදෙනෙක් කැමති වෙයි, මොකද ඒ ජිනිදුගෙ විව් එක/ ඇහේ කෝණය වෙන කෙනෙක් ට ගන්න බැරි වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි නිසා.
    .................................................

    තව දෙයක් අමතක නොකර කියන්නම ඕන. මහිංසා කිව්වෙ ඇත්ත, මහිංසා කියනකොට තමා මටත් ඒක සහසුද්දෙන් ඔලුවට වැදුනේ;
    "මාස් පඩිකාරයන්ගෙ ළමයින්ට පටන් ගන්න වෙන්නේ බින්දුවෙන්. ඒත් බිස්නස්කාරයෝ එහෙම නෑ."

    අනික පඩිය නොබලා රටට පරම යුතුකම් ඉටුකරන්න දතකන උන්ගෙ බඩගින්නට ඔය කියන පරම යුතුකමට සම්බන්ධ දේ කන්න පුළුවන් ද?

    ඒ නිසා බිස්නස් එකක් පටන් අරන් ඒක හදලා දරුවන්ට දෙන්න. උන් කලින් ජීවිතේ පටන් අරන් ඉක්මනින් ඉවර කරලා නිදහසේ ඉඳීවි!

    ජය ශ්‍රී!

    ලිව්වෙ,
    ©✒~හෂී ~
    (2021.11.02)
    HASHILA රාක්කයේ ඇත ·
  5. ★★★★★ ????
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කියවන්න පටන්ගද්දි අපරාදෙ ගත්තෙ කියලා හිතුන බාගයක් කියවන් යද්දි ගත්තෙ නැත්තන් අපරාදෙ කියලා හිතුන සුපිරිම සුපිරි පොතක්.
    මේක කියවන්න ඕනෙම පොතක්
    Ovini ·
  6. ★★★★★ උඹ නං ය​කෙක්
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    ෴විකිණී අවසන් වූ වහාම෴

    "ආ.. කියෙව්වද පොත?"
    එයා එහෙම අහද්දි මට කියවුනේ මෙහෙම..
    "හම්මා..හ්.. ඒක තනිකර වංකගිරියක්. "
    "ඇයි?........."
    "පිස්සුවක් ඒකනං.."

    හරියකට පොතේ රහ මෙහෙමයි කියල කියා ගන්න බැරි උන මං පොතේ අන්තිම පිටුව දිහා බලාගෙන විනාඩි ගානක් හිටියා. 210යි 211යි පිටු දෙක මැදින් බෙදෙන තැනින් ලා කොල පාට බිත්තිය දිහා බලං හිටපු මට නානාප්‍රකාර චිත්ත රූප මැවෙන්න පටන් ගත්තා. බිත්ති මුල්ලේ චූටියට බැඳපු මකුළුදැලක සල්සා නටන ගම්මිරිස්ඇටයා ⁣දන්නවා ඇතිද ඌත් විකිණී අවසන් බව?
    මේ වෙලාවෙ මගෙ මූණ මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා කියන්න මට වචන නෑ.. ඒකට වචනත් මම පොතෙන්ම හොයා ගත්තා ජිනී..
    මගේ ... "සාත්වික අභිනයෙන් පේන්න තිබුනේ නව නළු රසට හසු නොවන නාමකරණයක් නොමැති භාව නිරූපණයක්....."

    ජනප්‍රිය තාත්තාගේ හිතේ රටක් ජාතියක් මනුස්සකමක් ගැන පිරුණු හැඟීමෙන් පටබැඳපු නමක් වට කරගෙන ඇවිත් හිතා ගන්න බැරි තැනක අමුනලා මගේ ඔළු ගෙඩියේ මෙච්චර කලබලයක් ඇති කරයි කියලා හීනෙකින්වත් මං හිතුවෙ නෑ.. මේ පොත කියවන කිසි කෙනෙක් ඒක හිතන්නෙත් නෑ. ඔබ කියවා නැතිනම් අනිවාර්යයෙන්ම කියවන්න. මැරෙන්න පෙර කියවන්න..

    පල්ලියගුරු සර් කියපු පලවෙනි වචන ටික මේ කතාව හැම තැනම මට දැනුනා..
    "මේ කතාවත් ජිනිදු වගේම අමුතුයි"

    'විකිණී අවසන්' ලියන ජිනිදු පද්ම ශ්‍රී 'බණ්ඩාර' සසා කියන චරිතෙ ඇතුලෙ මට මැවි මැවී පෙනුනා ගොඩක් තැන් වල.. ජිනී ලස්සනට තමන්ව චරිතෙට ගාවල තිබුනා.. ජිනී වටේ හිටපු යාලුවො ඒ කියන්නෙ ඉස්කෝලෙ, පෞද්ගලික ජීවිතේ, ඩ්‍රාමා ස්කූල්එක එහෙමත්. ජිනී හිතන හැම වෙලාවකම 'ජිනිදු... ජිනිදූ...' කියන හැටි, යාළුවා කෙල්ලව බෝඩිම දාලා එන කතාව, හූවක් ඕනේ..., ඕන මගුලක් වෙයං කියලා ඕන දෙයක් කරන චරිත, චූටි කෙල්ලෙක්, බෝතලේ සෙල්ලම... වගේ ගොඩක් තැන් වලින් එලියට දාලා තිබ්බා කියලා හිතුනා... ඇත්තටම මේ ගෙතිල්ල අතිවිශිෂ්ටයි ජිනි.. ඒ පරිචය, පරිකල්පනය, දැක්ම සුපිරියි. මට දැනෙන්නෙ ශර්ලොක් හෝම්ස්ට එහා ගිය මොළයකින් කෙරූ ගෙතිල්ලක් මේක.

    ඒ කියන්නෙ .. ආතර් කොනන් ඩොයිල්ට තියන්නෙ උඹෙ වගේ ජාන..

    පොතේ කතාව වගේම.. පාඨකයෙකුට වෙනම රසක් මේක.. දුරස්ථීකරණය අති සාර්ථකයි.. උදුම්බරා මම ඇහුවා අහන්න කියපු නිසාම... උදුම්බරාට එච්චර රහක් දීලා මහිංසා බංකුවක් උඩ තනි කරලා ⁣පාඨකයාගේ හිතට මරණීය වේදනාවක් දීලා.., අන්තිමට ආරියාගේ හොම්බට ඇනලා මහිංසාව මගේ ලෝකෙත් රජ කරවලා, අන්තිමට මහිංසාගේ අවසන් ලියුම කියවනකොට දැනෙන හැගීම පිටකරගන්න බැරුව මම වම් අතින් මූණ හයියෙන් මිරිකගෙන දත්මිටි කෑවා ජිනී ටික වෙලාවක්.. එහෙමත් විකිණීමක් විස්වාස කරන්න බෑ කොහෙත්ම..

    පිටකවරෙ දිහාත් එක තැනකදි බලන් හිටියා කියපු විදියටම.. එක්ස්මැශීනා සුපිරි.. වෙලාවකට නාට්‍යකාරයෙක් විදියට නාට්‍ය දෙබස් ලියනවා වගේම රංග විධානත් දාලා ඒක සුපිරිම නාට්‍යයක් කරනවා. ඒ වගේම සමහර දේවල් වරහන් අස්සෙ ගහලා මේක සත්‍යම ප්‍රවෘත්තියක් කරනවා. ඒවා උපුටා ගන්නෙ ඒ ගොල්ලන්ගෙ අවසර ඇතිව කියලත් කියනවා. ⁣ඒක කතාවට ගේන්නෙ මාර ඇත්ත බවක්..

    සසා මුලු කතාවෙම වීරයෙක්. අන්තිම පොටෝ එකෙන් මගෙ හිතේ සසාට වෙන දේ ගැන මං කියන්නෙ නෑ.. ඒකට හේතුව තව 'විකිණී අවසන්' පොත කියවිය යුතුම දහස් ගාණක් ජීවතුන් අතර විකි⁣ණෙමින් ඉන්න නිසා..

    ඊලඟට සසාට මොකද වෙන්නෙ? පද්ම ශ්‍රී බණ්ඩාර වූ බණ්ඩාරට මොකද වෙන්නෙ, අර කිලෝමීටර් ගානක් දිග පතල කෙලවර වෙන්නෙ කොහෙන්ද? අන්තිමට ආව අඩි සද්දෙ ඇහෙන බණ්ඩාර කවුද? ප්‍රශ්න ගොඩක් එක්ක යන පාඨක හිතේ දෙවනි කොටසකට ඉඩක් හොඳ හැටියටම තියනවා ජිනී..

    "තැඹිලි වඩින්නේ හෙමිහිට
    ලනුව දිගේ පාවඩ උඩ"

    පොත ගැන තවත් පොතක් ලියන්න පුළුවන් තරම් වචන මං ලඟ තියනවා..පොත ගැන වචනයක් ලියන්න අයියෙ කීවට වචනෙකින් ඉවර කරන්නෙ කෝමද මං.. ඒත් මෙතනින් නතර කරන්නම් මගේත්, පාඨක ඔබේත්, ජිනීගේත් හොඳට..

    ඉතින් ජීනිදු මල්ලි.
    උඹනං යකෙක්..
    තව තවත් ලියන්නට ඔය නෙතට, ඔය අතට, ඔය සිතට සවි වැඩෙන්න පතමි මං යෝධබල යෝධ සවි ලැබෙන්නට..

    •°උමා අයියා°•
    2020/10/16
    Umayanga ·
  7. 1
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    1
    Ranasi ·
Write a review
Write a review

You're reviewing: විකිණී අවසන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.