Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ග්ලැසේරා

About this book

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි‍ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්‍රබලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්නට විය.

ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.

කිසිවක් නැත...

ඔහු මදක් ඒ දෙසට නැවූණේය; දුරකථනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම පහළ සිට ආසනය මතට ගමන් කරනවා වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැගිට්ටේය. එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය.

නමුත් කිසිම දෙයක් එහි නැත.

Details
ISBN
9786245572014
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ග්ලැසේරා ගැන අදහසක්
    ග්ලැසේරා නවකතාවට ප්‍රවිශ්ඨය ගන්නට මේ කුහුල පිරුණු සිද්ධි කීපයක මතකාවර්ජනයක් ලියන්නට පාදක වුණේ මෙම කථාව කියවපු පාඨකයිනට යළි සිහි කැඳවීමක් වගේම නොකියවපු පාඨකයින්ට පෙළඹවීමේ රසය අරමුණු ඇතිවයි.
    මෙම වචන ඔබට හුරුපුරුදු ඇති,
    " ත්‍රාසය, භීතිය, කුතුහළය, භිරාන්තිය, උද්වේගකර.... "
    කථාවේ සමාරම්භක පෙළ වන "මම කවදාවත් ඉර දැකලා නෑ" ආරම්භයේ සිටම තුන්සිය හතළිස් හතරවන පිට දක්වා මෙම හැඟීම් පෙළ තරඟකාරී වපසරියක් තුළ පාඨකයා අතරමං කරවීමට 'කේෂාන් හරේෂු' නම් සම්මානනීය ලේඛකයා සමත් වී තිබෙනවා. මෙම විචාරය මෙම කථාව අරඹයා පමණක් ලඝු නොකොට ඊට අමතරව රසවත් කරුණුද විචාරගත කිරීම් උචිත යැයි මා සිතමි. කෙසේ නමුත් ඊට පෙරාතුව මෙම කෘතිය මා කියවු කාල සීමාව පිළිබඳව සඳහන් කිරීමට කැමැත්තෙමි.
    වේලාව රාත්‍රී 11.00 සිට අළුයම 01.00 පමණ.(සීතල සුළං ගත දැවෙටන මොහොතක)
    මෙය කියවන ඔබට මා යෝජනා කරන්නේ ග්ලැසේරා හී උපරිම වීන්දනීය මොහොත අත්විඳීමට (ග්ලැසේරා චිත්‍රපට අත්දැකීමට) මෙම කාල සීමව යොදා ගන්නා ලෙස.
    ත්‍රාසය, භීතිය, කුතුහලය, භිරාන්තිය, උද්වේගකර... මේ හිරිගඬු පිපෙන හීතල කතාවේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ඉතා තරඟකාරී ගමනක් අපේ මනස පුරා දිවයන්නේ මේ හැඟිම සමුදා කතෲ කොට ගෙනය. මෙහි ප්‍රඨාන චරිතයක් චරිතවත් නොකොට චරිත අතර ඝට්ටනයක් ඇති කරමින් එම එක් එක් චරිතයට මුල් වූ සිද්ධි දාමයක් නිර්මාණය කරමින් ත්‍රාසය, භීතිය, කුතුහල යනු කුමක්දැයි පාඨකයාට හරි අපූරුවට ගුරුහරුකම් දැක්වීමට සමත් වෙයි. මෙහි ප්‍රධාන චරිතයක් නැතිවුවද, අපට දැනෙන කුතුහලය ප්‍රාධාන චරිත යැයි මට විටෙක සිතේ. ඒ ඇයිද යත් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වෙනස් කථා ප්‍රෙහේළිකාවන් මවමින් මෙම කථාවේ පුරුක් (කථාවේ තැනින් තැන හිස් තැන් පුරවන්නා සේ) අමුණමින්, එහි කුහුල මතුකරලීමට කතුවරයා සමත් වී ඇත.
    "නමුත් ඒ වෙඩිහඬ ලාර්ස්ගේ ගිනිඅවියෙන් නිකුත් වූ උණ්ඩයේ හඬ පමණක් නොවීය. බස් රථයේ ඇතුළත වෙඬි හඬ දෙකක් නිකුත් විය."
    කතෲ මෙය රචනා කිරීමෙන් උත්සහ ගත්තේ ටෙලි කතාවක් (TV Series) එකක් තුළට පාඨකයා රැගෙන යාමටය. ටෙලිකතා හීදී නරඹන්නාට ඇතිවන ඊළඟ කථාංගය නැරඹීමට ඇතිවෙන වුවමනාව සහ පෙළඹවීම එළෙසින්ම ඇතිකර වීම්ට ග්ලැසේරා පරිච්ඡේදයක් කියවා අවසානයේදී ඇති කරවයි.
    තවත් එක් සිදුවීමක් ලුහුඬුව දක්වන්නේ නම්, රජීව් ගේ අයිපෑඩය හැනා, ලිලී සහ ස්ටිවන් සොයාගන්නා මොහොතේ එහි වීඩියෝ පටිගත වීම ක්‍රියාත්මකව පැවතීමත් (Video recording) සහ එහි පටිගතවී ඇති වීඩියෝ පටය තිදෙන නරඹන අවථාවේදී සිදුවූ කථාබහ සහ එම විඩියෝ පථයයි.(එම වීඩියෝ පටයේ අන්තර්ගතව තිබුණේ ඔවුන් පැමිණි බස් රථයේ දර්ශන සහ එහි සිදුවූ ඛේදනීය සිදුවීමකි.)
    'ඒ සමඟම ස්ටීවන් වහාම විඩියෝව මදකට නතර කළේය.'
    .....................
    "ඇයි කියන්නේ? මේකේ මුකුත් අමුත්තක් පේන්නේ නැද්ද?"
    ....................
    "මේ විඩියෝ එකේ අපි ජෝෂ්ගේ මිනිය තියලා ආවේ වම් පැත්තේ සීට් එකක නේද? ඒත් දැන් මේ මිනිය තියෙන්නේ දකුණු පැත්තේ නෙමෙයිද?"
    .................
    "දෙයියන්ට ඔප්පු වෙච්චාවේ..." ලිලීගේ ඇඟපුරා හිරිගඬු පිපෙන්නට විය.'
    රචකයා මෙහි යොදාගත් දෙබස් සහ භාෂා විලාසය මත පාඨකයාගේ භීතිය, කුහුල, පාඨකයාටද නොදැනීම ඇතිකරලීමට සමත් වෙයි.
    ඊට අනතුරුව මෙම කථාවේ දිවයන චරිත වල ඒ ඒ චරිතයට අදාළ අතීත කථාවක් සහ ඒ සමඟාමීව ඒ චරිතවලට ආවේණික ලක්ෂණද ඔවුන්ගේ මානසික ක්‍රියාකාරීතවයද පෙන්වාදීමක් සිදුකර ඇත.
    • ලිලී බස් රථය තුළදී යටිගිරියෙන් කෑ ගැසීම.
    • ලිලීගේ අතීත කථාවක් පරිච්ඡේදයක් තුළ විස්තර කිරීම.
    • ඇසේරාගේ කුහුල දනවන ප්‍රශ්න.(හිම වැටෙන්නේ කොහි තිබිලද? ඇයි මගේ විතරක් ඇස් කථපාට?)
    • ලාර්ස් සහ මෑඩ් මැක්ස්ගේ බැඳීම.
    ග්ලැසේරා කථාව පුරා දිවයන තවත් අපූරූ සහ පාඨකයාට එකවර එත්තු කර නොහෙනා කාරණා බොහොමයක් ඇතිදැයි මෙය කියවන විට මට සිතුණි. කථාවේ අවසාන භාගයේ පණබේරා ගන්නා චරිතය මුළු ලෝකයක් මුලාවට පත් කර තමන් ගෙතූ මනංකල්පිත ලෝකය තුළ තමාගේ හිතසුව පිණිස ලෝකයක් මුළා කිරිමට තම් මිනිසා කොතරම් වංචනික වී තිබේද? තවත් මිනිසෙකු වරදකාරී කුටියක ගිල්වා තළාපෙලා දැමීමට මිනිසෙකුගේ වචන කොතරම් බලවත්දැයි ග්ලැසේරා අවසානය මොනවට පැහැදිලි කරයි.
    කථාව ඇතුළේ කථාවක්?
    මෙම විද්‍යා ප්‍රබන්ධය තුළ තවත් කුහුල දනවන කාරණයක් නම් මෙහෙ සඳහන් 'NM' මිනිසුන්ය. මේ පිළිබද විස්තර කිරීමට වඩා කථාව කියවීමෙන්ම මෙම 'NM' මින්සුන්ගේ අත්භූත කථාන්දරය දැනගන්නා ලෙස (කතාවේ රසයට හානි නොවීමට) මා ඔබට ඇරයුම් කරමි. බිළාල ඇස් ඇති අඳුරු යාමයේ තම දෙපා පොළව මත තබනා මෙම 'NM' මිනිසුන් ඇතුළත් සංවේදී කථාව, කථාවක් තුළ කථාවක් ( 2 in 1) ලෙස ගලා යන්නේ යැයි මට හැඟේ. මෙයට සාක්ෂි දරන්නේ 222 වැනි පිටුවේ ඇසේරා නම් අත්භූද දියණිය තම ඇන්ඩර්ස් මමා තමන්ගෙන් මෙතාක් වසන් කළ සොයාගනීමත් සමඟයි. ඇසේරා දැරිය මෙම කථාවේ අපට හමුවන තවත් එක් සුවිශේෂී සංදිස්ථානයකි. කියවූ මට, ඇය ගැන ඇතිවූයේ අනුකම්පා සහගත හැඟීම්කි. මෙම කතාව ආරම්භයේ ඇසේරා චරිතය ප්‍රයෝජනවත්දැයි මට ප්‍රශ්නාර්ථයක් නැගුණද, කතාවේ පිටුවෙන් පිටුව අවසානය කරා යන විට මා තුළ ඝට්ටනයක් (Shock) ඇතිකර වීමට සමත් වූයේ එහි ප්‍රයොජවත් බවට උත්තර කතාවෙ අවසානයේදී හරි අපූරුවට සපයමිනි.
    මිනිසුන්වන අප අත්‍යන්තයෙන්ම ආත්මාර්ථකාමි සහ තමාගේ පැවැත්ම ගැන පමණ මුල් කොටගනා තවත් එක් ජීවීන් කොඨ්ඨාසයක්ද?.. මේ කතාවේ අප හමුවට එන ඇන්ඩර්ස් මාමා සහ ඔහුගේ ජීවිත කතාව තුළ අහිමි වීමේ වේදනාව තුළ හුදෙක්ම මිනිසා යන ජීවීන් කොඨ්ඨාසය පමණක් නොව... මේ මිහිමත සිටින සියළුම සත්ව වර්හයාටම දැනෙන බැව් සහ ඒ වේදනාවම ශක්තියක් කොට ඒ තළ නොමිනිසුන් පවා පළිගැනීමේ රසය සොයන බවද මේ කතාවේ ඇන්ඩර්ස් මාමාගේ අහිමිවීම තළින් පාඨකයාට පෙන්වා දෙනු ලබයි. ඇන්ඩර්ස් මාමා මිනිසෙක් යැයි මා නොකියමි. කිම්ද යත් මිනිස් ජීවියට පරිභාහිර ඒ හා සමාන ජීවින් කොඨ්ඨාසයට අයත් රචකයා විසින් නිර්මාණය කරන ලද විටෙක අසරණ, විටෙක බිහිසුණු ජීවීන් කාණඩයකට ඔහු අයත් වන බව කතාව කියවීමෙන් මට පසක් විය. අවසාන වශයෙන් කිව හැක්කේ, මේ සුහුරු ලොව තුළ මානව විද්‍යාවට හමු නොවුණු කොතරම් අත්භූත දෑ, අත්භූත ජීවින් ඇත්දැයි යම් සැකයක් ජනිත කිරීමට පවා සමත්වන ආකාරයට මෙම කතාව රචනා වී ඇතිබවය.
    පොතේ කවරයට වටිනාකමක්?
    ග්ලැසේරා පොත් ඔබ සතුව තිබේනම් එහි කවරයේ වම් පස කෙළවරෙහි සංකේත කිහිපයක් දැකගත හැකිය. පාඨකයාට කථාවවකියවීමට අවශ්‍ය කුහුලේ ආරම්භය මෙම කවරයෙන්ම මතුකිරීමට කවර නිර්මාණයෙන්ම සමත්ව ඇත.
    සාහිත්‍යට අලුත් අංග?
    කේෂාන් හරේෂු මහතා ග්ලැසේරා පොත නවමු ආකාරයකට ගෙන යමින් පාඨක සමූහයාට, සිංහල සාහිත්‍යයටද නවතම ක්‍රමශිල්ප හඳුන්වා තිබේ. ස්වතන්ත්‍ර නිර්මාණයක් වුවද එහි පරිවර්තන කෘතියක ලක්ෂණ ගැබ්ව තිබේ. තවද, කථාමාලාවක (TV series) ගලා යාම මෙම පොතෙහි පරිච්ඡේද මත මනාව රචනා කර ඇතිබව ග්ලැසේරා කියවන ඔබට පසක් වෙයි.
    **********************
    ආ... දැන් පෙස්ටා ගැන කිසි දෙයක් නොකියපු නිසා කට්ටිය මාත් එක්ක අමනාප වෙයිද දන්නෙ නෑ.. තව දෙයක්, ග්ලැසේරා පොත නිකම්ම පොතක් නෙමෙයි.
    '2022 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම විද්‍යා ප්‍රබන්ධ පොතට හිමි සම්මානයද ලද සම්මානනීය පොතක්'
    "හරි එහෙනම්, දැන් බස් එකෙන් බහිමු.... ????"
    ***********************
    ***********************
    රචනය : ධනූෂ ධනංජය
    dhanusha dhanjaya ·
Write a review

You're reviewing: ග්ලැසේරා

Reviews are published once a member of our team has read them.