හීන මායිම

Special Price රු. 300.00 Regular Price රු. 600.00
In stock
SKU
hina-maima-tharindu-amila-grantha-prakashana

Trailer

Review By Kanchana (පෙරවදන)

පොතෙහි සමාජ ස්ථර දෙකක දිග හැරෙන කතා දෙකක් ඇත. මෙම කතා දෙක යාවන ස්ථානයක් ගැන පොත ආරම්භයෙදී හෝ මැදදී සිතා ගත නොහැකි වේ. එම සිද්ධීන් එකිනෙක හා ගැලපී යා වන අවස්ථාවන් කතුවරයා ඉදිරිපත් කරන ආකාරය අපූරුය. කෘතහස්ත ලේඛකයකු සිය ලේඛනයේදී පාඨකයාට අනපේක්ෂිත සිදුවීම් ඉදිරිපත් කිරීමේදී දක්වන කුසලතාවයම තරිඳු ගේ, හීන මායිම්හි මම දුටුවෙමි. පොතෙහි භාෂා හරඹය ද එහි පිටකවරය සේම, පොතෙහි නම සේම ආකර්ෂණීය වේ.

අදහස චාරුන්‍යා ගමගේ කතුවරියගේය.

තනිකම මිනිස්සුන්ට හුඟක් දේවල් උගන්නනවා . අනික තනිකමට සීමා මායිම් දාන්න කෙනෙක් නෑ. තනිකම විඳින මිනිස්සුත් ඉන්නවා, විඳවන මිනිස්සුත් ඉන්නවා. ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්. අපි කොහෙද යන්නෙ, කොහෙද නවතින්නෙ? කවුරුත් දන්නෙ නෑ, අවිනිශ්චිතතාවයකින් පිරිච්ච තැනක්. මිනිස්සු ජීවත් වෙන්නෙ මහ හුඟක් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන. ඒ හීනත් , ඒ බලා පොරොත්තුත් සැබෑ කරගන්නෙ කීයෙන් කී දෙනාද?

ඇත්තම කිවුවොත් මිනිස්සු ජීවත් වෙනවා කියන්නෙ හීන පස්සෙ දුවන එක .

මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.
Author තරිඳු අමිල - Tharindu Amila (1)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9786245394067
පිටු ගණන 197
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හීන මායිම
Back to Top