මෙතෙක් නොකී හන්තානේ කතාවක්
About this book
" කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණ ගැන්වූ බස් රියටම මම ද කඩිමුඩියේ ගොඩ වූයේ කොළඹ යෑමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ්‍යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනක දකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැණෙකින් දිස් වූයේ බොඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. එදා වියෝ දුකවෙළා ගත් ඔහුගේ සිතට මෙන් කවි සිතුවිලි නූපන් මා සිත ඔහුගේ ලෝකයට මදකට පිවිසුණත් ඒ ලොවෙන් මිදී මා නැවත ගලහ හන්දියට සැපත් වූයේ වැහි හඬ පරයා කණ වැකුණු කොන්දොස්තරවරයාගේ අතොරක් නැති හඬිනි.
ක්ෂණයකින් මා නෙතු යොමු වූයේ ගලහ හන්දියෙන් ඇරඹෙන මාවත ඔස්සේ සරසවිය දෙසට සෙමින් සෙමින් පියනඟන සැටවස් පමණ මහලු වූ යුවළක් දෙසටය. පිටුපසින් දුටුවද බැලූ බැල්මට මට හුරු පුරුදු ඒ යුවළ හඳුනාගැනීමේ අරමුණින් මා ඔවුන් දෙස දිය රැඳුනු වීදුරු ජනේලය අතරින් ඉති ඔනෑකමින් බැලුවද ඔවුන් දෙනොටම එකම වැසි ආවරණය වූ කළු පැහැ කුඩය නිසා ඒ කවුරුන්ද යන්න නිශ්චය කරගත නොහැකි විය.
මා රැගත් බසය ගලහ හන්දියෙන් කෙමෙන් දුරස් විය. "
Details
ISBN
9786245572076
පිටු ගණන (Pages)
298
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ Heart touching love story of two generationsReally good book. I felt like I was living inside the book.
Write a review
Write a review