Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දුර්ගා

දුර්ගා

About this book

ගුණයා හා වල්ලි පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬූ කඳුළින් කාල්ටන් සමඟ පැල දොරෙන් පිටව කන්ද පාර දෙසට දිව ගියාය. ඇයට ළඟ ළඟම හුළු අතු එළි දිස්වූ නිසා කැලෑ හොරුන්ගේ පැමිණීමත් සමඟ කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි විය. පලා යන මොහොතේ කාල්ටන් පැලේ තිබූ පන් මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත. කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරීමට ඔහු බැඳී සිටියේය. විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩී කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි. එය ඇසෙන්ම දෙදෙනාගේම දෑස් එකවර ගැටුණේත් හදවත් මඳකට නතර වූයේත් සිය ළබැඳියන් තිදෙනා සිහිවීමෙනි.

ISBN
9789557468266
පිටු ගණන (Pages)
341
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දුර්ගා
This book දුර්ගා සමීර ඒකනායක
රු. 1,200.00 රු. 1,500.00
පතොක් මලක් ලෙහාන් හඳුන්ගේ
රු. 1,040.00 රු. 1,300.00
මැරෙන්න කලින් ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර
රු. 400.00 රු. 800.00
3 books selected
රු. 2,640.00 රු. 3,600.00
Save රු. 960.00 off the publisher's price
Customer Reviews 1
  1. ★★★★☆ වෙනස්ම නැවුම් කතාවක්
    මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    වෙනස්ම කල්පිතයක් වටා ගොඩනැගුණු ත්‍රාසය කුතුහලය ආදරය වෛරය වැනි බොහෝ රස එකතු වුණ වෙනස්ම විදිහෙ පොතක් විදිහටයි මම දුර්ගා දැක්කේ. කෙටි සිදුවීම් එකිනෙක සම්බන්ධ කරපු පරිච්ඡේද සහිත ලිවීම පොත තුල එකදිගටම පාඨකයා රදවා ගන්න සමත් වෙනවා. ඒ වගේම විවිධ කාල වකවානු , එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් , එකිනෙකට සම්බන්ධ නැති ස්ථාන වලින් පටන් අරගෙන ඒ හැමදේම එකිනෙකට සම්බන්ධ කරමින් හොඳ කුතුහලයක් රඳවා ගනිමින් ලියැවී තිබෙන නිසා හරි උද්යෝගයකින් කියවිය හැකි පොතක්.
    කවරෙ තියෙන කාන්තා රූපයත් කාන්තා නමක් විදිහට පමණක් එකවර හැඟෙන පොතේ නමත් නිසා එකවර මේක සාමාන්‍ය කතාවක් කියල හිතුනත් මේක අනිවාර්යෙන්ම කියවලා බලන්න ඕනේ අසාමාන්‍ය කතාවක්.
    Erandi Jayathunga රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: දුර්ගා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.