විජ්ජුලතා
නේත්තරා මංගල්ලෙට ඉස්සරින් පිළිම වහන්සේ දකින්නෙ සිත්තර ගුරුන්නාන්සේලා, ගල්වඩු ආචාරීන්නාන්සේලා විතරයි. ඒ හිමිකොම උන්නාන්සෙලාට තියෙන්නෙත් නේත්තරා මංගල්ලෙ දවස වෙනකම් විතරයි. ඊට පස්සෙං පහු පිළිම වහන්සේට අයිතිකාරයෝ බොහොමයි. අර සිත්තරු ඊට පස්සෙං පහු විසික්කා කරාපු දැහැටි දඬු ගාණට වැටෙනවා. රජවරු, සිටුවරු අර පිළිම වහන්සේගේ උරුමක්කාරයො වෙනවා. උන්නාන්සෙ ගැන ඉතිහාසයෙත් වර්ණනා කරනවා.. අර අහිංසක සිත්තරා ගැන කවුරුවත් දන්නේ නෑ. ඉතිං නේත්තරා මංගල්ලෙ වෙනකං සිත්තරු තමංගෙ දෑතෙන් මැවෙන වස්තුව රකින්නෙ තමුංගෙ නේත්තරා දෙක වගේ..
"නඟා... මම නඟා වෙනුවෙන් පොරොන්දු ඉටු කළා... මං නඟා මේ මහා මාලිඟාවේ රැජිනක් වෙලා ඉන්න හැටි දෑහිං දුටුවා. ඒක මට මගේ පපුකැනැත්තට වාවගන්ට බැරි තරං සතුටක්. ඊටත් වඩා මට සතුටු.... මේ සිහිගිරියේ බිත්ති කෙවණියේ දැන් නඟා සිත්තම් වෙලා. දැං මගේ දුනුකෙයියා මල.... මට සිඹින්න බැරි දුනුකෙයියා මල සදාකාලික වේවි."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
★★★★★ සුන්දර අතීතයේ ජීවත් වනවා සේ දැනුනාඉතාමත් අසාවෙන් කියවලා ඉවර කරන ලදී. කතාව අවසන් වනවිට සම්පුර්ණයෙන්ම ඒ සුන්දර අතීතයේ ජීවත් වනවා සේ දැනුනා සේම අවසානය හිතට මහත් දුකක් දැනුනා.
කීර්ති ලංකා ගුණරත්න මහතා ඒ සුන්දර ඉතිහාසය සිතට කාවදින්න ලියලා තියෙනවා. ඔබට සුබ පතනවා හදවතින්ම. මෙවෙනි පොතක් ප්‍රකාශනයට පත්කිරීම ගැන ග්‍රන්ථ සමාගමටත් ස්තුති වන්ත වෙනවා.