Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

හීන මායිම

තරිඳු අමිල

තවම විචාර නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 14
  1. ★★★★★ Fiction
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    හීන මායිම

    "ජීවිතය කියන්නෙ අපිට ඇහෙන අර පහළට ගලා බහින ගංඟාව වගේ. ගංඟාවක් දිගටම ගලනවා. කිසිතැනක නතර වෙන්නේ නැහැ.ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදි මුහුදට වැටෙනවා.

    අපි දන්නෙ නැහැ අපේ ජීවිතයට මොන ප්‍රශ්න එයිද කියලා.ඒත් මේ ගංඟාව වගේ අපිත් දිගටම ගලන්න ඕන. ප්‍රශ්න වලට දුක් කම්කටොලු වලට අපිව නවත්වන්න දෙන්න හොඳ නැහැ."

    ඉහතින් දැක්වූයේ හීන මායිම කෘතිය ඇරඹෙන ආකාරයයි. එය දකින විට කෙනෙක්ට සිතෙන්නේ මෙය බුදු දහම හෝ ධනාත්මක චින්තන පොතක් ලෙස වුවත් සැබැවින්ම එය එසේ නොවේ.

    තම ජීවන මගේ ගමන් කරන පරම්පරා තුනක කතාව ඉස්මතු කිරීමට කතුවරයා සමත්ව ඇත. මුලින් බැලු කල කිසිඳු අර්ථයක් නොවැටහුනත් අවසාන පිටු කිහිපය තුළ සියල්ල නිරාකරණය වන්නේ පාඨකයාගේ මනස තුළම ය.භාෂා රටාව ගත්කල ඉතා දීර්ඝ හෝ ඉතා කෙටි නොවන වාක්‍ය වලින් කෘතිය රචනා වී ඇත.

    නිකුත් වි වසරක් සපිරෙන හීන මායිම ටත්, තරිඳු අමිල නම් නවක කතුවරයාට සුබපැතුම් !!!
    Ranga Yudara ·
  2. ★★★★★ හීන මායිම
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මා පුදුමයට පත් කල පොතක්.

    හීන වලට කොයිද මායිමක්? එක් ජීවිත කාලයක් තුළ මිනිසුන් මොනතරම් හීන මවනවද?

    කතුවරයා මේ පොතේ කතා දෙකක් කියනවා. ගමේ ඉන්න උක්කුවා, පොඩ්ඩි, ලොකු අයියා, අම්මා,තාත්තා එයාලගේ කතාව කියන ගමන් නගරේ ඉන්න නාමසිංහ මුදලාලි,අකිල, චමරි වගේ අය අපිට එයාලගේ කතාවත් කියනවා. ඉතින් මේ කතා දෙකේ පුංචිම කොටසක් වත් මඟනොහැරම කියවන්න. පුදුමය ඔබට මුණගැහේවි.

    කතුවරයාගේ අති සුන්දර පරිසර වර්ණනාවන්, මිනිස් සිතුවිලි සමඟ පරිසරයේ මනා ගැලපීම් ඔහුගේ විශිෂ්ටත්වය ගෙනහැර පායි. ඒ වගේම මේ පොතේ බස් වහර හරිම සෞම්‍ය සිත නිවී සනසවන්නක්. කුමන බාධක, කම්කටොලු, අතිශය අමාරුම කාලයන් ජීවිතයට ආවත් ජීවිතය අත්නොහැර ජීවත් වෙන්නට මනා වූ ශක්තියක් රුකුලක් ලබා දෙන මා කියවූ අගනා කෘතියක්. මෙහි කතුවර තරිඳු අමිලට සාහිත්‍යය ලොව දිගු ගමනක් යන්නට හදවතින්ම සුබ පැතුම්.

    "තනිකම මිනිස්සුන්ට හුඟක් දේවල් උගන්නනවා.අනික තනිකමට සීමා මායිම් දාන්න කෙනෙක් නෑ.තනිකම විඳින මිනිස්සුත් ඉන්නවා,විඳවන මිනිස්සුත් ඉන්නවා.ජීවිතය කියන්නෙ හරිම පුදුම දෙයක්.අපි කොහෙද යන්නෙ,කොහෙන්ද නවතින්නෙ..?කවුරුත් දන්නේ නෑ. අවිනිශ්චිතතාවයකින් පිරිච්ච තැනක්.මිනිස්සු ජීවත් වෙන්නෙ මහ හුඟක් බලාපොරොත්තු, හීන පොදි බැඳගෙන .ඒ හීනත් ඒ බලාපොරොත්තුත් සැබෑ කරගන්නෙ කීයෙන් කී දෙනාද ? ඇත්තම කිව්වොත් සමහර මිනිස්සු ජීවත් වෙනවා කියන්නෙ හීන පස්සෙ දුවන එක."
    Manasha Thennakoon ·
  3. ★★★★★ හීන මායිම පොත ආරම්භයේ පටන්ම පාඨකයාගේ මනස ඇඳ බැඳ තබන කතාවක් .... පළමු පරිච්ඡේදයෙන් පටන් ගත්තහම මුලදී කතාව මොන අතකට පෙරෙලෙයිද කියා සිතන්නටවත් නොහැකිය. ඒ කුතුහලය සහ කතාව ලියා ඇති සරල බව කතාව පාඨකයාට සමීප කරයි .. නව කතාවක් කියනවන්නේ විවිධ අධ්‍යාපන මට්ටම් වල
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Sithumini Chrishanthi Palipane
    2021_11_24
    සිත් ·
  4. ★★★★★ හීනයක හිර නොවුණු හීනය
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    තරිඳු අමිල නවකතා ලෝකයට එන්නෙ අදක ඊයෙක නෙවෙයි. වසර ගණනාවක සිට සිංහල සාහිත්‍ය එක්ක ජීවත් වෙන හරි අපූරු පුද්ගලයෙක්. ඉතිහාසය වර්තමානය අනාගතය ගැන හොඳ දැනුමක් තියෙන, සමාජය පිළිබඳව හොඳ දැනීමක් එක්ක මනා අධ්‍යනයක ඉන්න ජීවිත කළමණාකරුවෙක්. ඉතින් නවකතාවක් තමන් විසින්ම ලියනව කියන්නෙ ඒක ඔහුට අරුමයක් නොවෙයි. ඒ නිසාමයි ඔහුගේ හිත ඇතුලෙ හොල්මන්කරපු අපූරු චරිත ටිකක් පොතකට එන්නෙ. ඒ අනුව තමයි "හීන මායිම" ඔබ අතට අපි අතට පත්වෙන්නෙ. කතාව මුල මැද අග ගැලපීම සාර්ථක වීම තුලම නවකතාවක් සාර්ථක වෙන්නෙ නෑ. ඒ තුල ජීවත් වන චරිත එය කියවන පාඨකයා අතරට කෙසේ කිදාබසීද, එය සමාජය තුල කුමන අයුරකින් සංවාදයට නැගෙයිද, ඒ පොත කියවීමෙන් ජනහද කෙතරම් සාහිත්‍ය ගුණයෙන් පිරී යාවිද, ඒ සියල්ලක් හීන මායිම සාර්ථක කරගැනීමට සමත් වී ඇත.

    හීන මායිම යනු මෑතක පාඨකයාට ලද හොඳ තෑග්ගකි. එයින් මනා ප්‍රථිපල ලබාගැනීම ඔබටම භාර කරන්නෙමු.

    එන්න කියවන්න "හීන මායිම"

    හීන මායිම වෙනුවෙන් BOOKCASE අප විසින් කල කෙටි වාර්තාවකි. නරඹන්න.

    හීන මායිම ????
    https://youtu.be/-_uAVpjHNss

    BOOKCASE ????
    කියවන්න පටන්ගමු...❤????❤
    BOOKCASE ·
  5. ★★★★☆ අවසානය හිතා ගන්න බැරි අපූරු කතාවක්
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    සමහර අවස්ථාවල සමහර මිනිසුන් අපිට, අපි දන්නේ ම නැතුව ආයේ හමු වෙනවා. නැති නම් අපි නොදන්නා මිනිසුන් අපේ ජීවිත කතා වල පුංචි හරි කොටසක් වෙලා තියෙනවා. අපි දැන හෝ නොදැන පෙනී නොපෙනී හෝ අපිට හමු වන මිනිසුන් අපේ ජීවිත කතාවට, අතීතය හෝ වර්තමාන හෝ නැති නම් අනාගතයේ හරි සම්බන්ධ වෙනවා.

    උක්කුං හරි නාමසිංහ හරි අපිට හීන මායිම තුළින් කියන්න හදන්නේ ඒ දේ කියලා අවසානයේ දී දැනුනා.

    මුල පටන් ගන්න කොට දැනුනු කියවීම් රසයට වඩා අවසානය වන විට දැනෙන කියවීම් රසය අපූරුය.
    කතාව තුළ තිබු ගැට ලිහා දමා තිබු හැටිද රසවත්ය.

    "ආදරේ දි ඇතිවන කේන්තිය පාලනය කිරීම සදහා ඉවසීම සහ සිනහව එකට අඹරා කඳුළු බිඳුවක් සමඟ පානය කරන්න"

    හීන මායිම - තරිදු අමිල
    හසන්ති තුඩුහේන ·
  6. ★★★★☆ රසබර නිමාවකින් යුතු හීන ලොවක්...
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කියවපු පොත් වලින් ආසම පොතක්. සරලව, ඉතාමත් සුමට ලෙස පාඨක සිත් වසග කරනා අයුරින් රචනා කරලා තියනවා.. හීන ලොවක අතරමං වූවාක් මෙන් සිතට අවසානයේ දැනෙනවා.
    Isanka රාක්කයේ ඇත ·
  7. ★★★★★ ඒ හීනෙ ඇතුලෙ මායිම් වෙන්න
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    හීන මායිම කියන්නෙ පන තියෙන පොතක්. හැම වචනෙකම හැම ජේදයකම හිතට නොදැනෙන තැනක් නෑ..පොත කියවලා ඉවර වුනත් ඒ කතාවෙන් මිදෙන්න අපහසු වුනා මට. කියවලා බලන්න හැමෝම
    Prabhashani ·
  8. ★★★★★ හිත අමුතුම තැනක අතරමං කරවපු පොතක්
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    හීනයක් දැකිනවා තරම්ම සුන්දර ගලායෑමක් තියන පොතක්. ඔබ මොන තරාතිරමක කෙනෙක් උනත් මේ පොතේ පිටු අතර ඔබටත් ඔබව මුනගැසේවී. හැල්මේ දුවන ජීවිතේ පොඩ්ඩකට නවත්තලා අපි අපි ගැනම නැවත මොහොතක් හිතන්න පොලඹවන අපූරු ලියවීමක්...
    Erandi Jayathunga රාක්කයේ ඇත ·
  9. ★★★★★ Beautiful book
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Lassnata liyaunu ithamath arthawath pothak jiwitheta gannata boho deh samaga mn harima asawen kiyawapu pothak .
    Abhishek රාක්කයේ ඇත ·
  10. ★★★★★ හීන අපී හැමෝටම තියනවා
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Harima lassnata liyala thiyana pothak wagena kiywana gaman jiwithe gana hithanata yamak ithuru karana pothak.jiwitheta watina dewl godk ganna puluwn lassna nirmanayak. Hamoma kiyawiya yuthu pothak ❤️
    Abhishek රාක්කයේ ඇත ·
1 2

මෙම කෘතිය ගැන ලියන්න