ග්ලැසේරා

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
Out of stock
SKU
glasera-keshan-hareshu-grantha-publisher

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි‍ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්‍රබලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්නට විය.

ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.

කිසිවක් නැත...

ඔහු මදක් ඒ දෙසට නැවූණේය; දුරකථනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම පහළ සිට ආසනය මතට ගමන් කරනවා වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැගිට්ටේය. එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය.

නමුත් කිසිම දෙයක් එහි නැත.

Author කේෂාන් හරේෂු - Keshan Hareshu (5)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9786245572014
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ග්ලැසේරා
Back to Top