Back to Top
මෙහෙකාරියගේ අබිරහස
Special Price
රු. 544.00
Regular Price
රු. 680.00
Out of stock
SKU
mehekariyage-abirahasa-barbara-l-s-s-pathirathna-wijesooriya
ගිසෙල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල්‍යකර්මය වෙනුවෙන් ඇයට මුදල් නොතිබුණි. දිලිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛර්යය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිඳු බව පිළීගැන්වීමටය.
මානය යටපත් කර ගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව්‍යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හර්ට්ස් අර්ල් වරයා වෙතටය.
සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කර ගත්තේ ඇගේ ගරුත්වය නොසලකා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හා ඇය සැම විටම හෙලි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටි තම පවුලේ දිලිඳු බවට හේතුව සොයා ගැනීමටය.