Back to Top
කාමරේ
Special Price
රු. 736.00
Regular Price
රු. 920.00
Out of stock
SKU
kamare-emma-donoghue-nimmi-muditha-herath-wijesooriya
මං ජැක්.. මට අවුරුදු පහයි.
මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ".
මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ.
රෑට.. "නාකි නික්" කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ
අල්මාරිය ඇතුළෙ..
ඉතින්, මගේ මුළු ලෝකෙම මේ කාමරේ..
"කාමරේ" තමයි මගේ ගෙදර..
හැබැයි මගේ අම්මට නම්... "කාමරේ" හිරගෙදරක්. අවුරුදු හතක්ම මගේ අම්මව හිර කරලා තියෙන හිරගෙදර තමයි මේ කාමරේ..
මේ හිරගෙදරින් අම්මව බේරගන්න "ජැකර්ජැක් කුමාරයා" මං තමයි..
-යොවුන් වියම අසාමාන්‍ය සිරකුටියක සිරගතව, දූෂණය වෙමින් ගත කරන්නට සිදුවුණු යුවතියකගේත්, ඒ සිරකුටියේදී ඇයට උපදින දරුවාගේත් සත්‍ය කතාව-