කැලණි ගඟබඩ පුරාවෘත්ත

Special Price රු. 1,062.50 Regular Price රු. 1,250.00
In stock
SKU
kelani-gangabada-kusumsiri-wijayawardhane-sooriya

බාල අවදියේ සිට කතුවරයා ජීවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරළයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්‍රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල, හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගඟබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසේ. සීතාවක ගඟේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුළු පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.

Back to Top