කාලෝ කොලෝඩ් ගේ පිනෝකියෝ

Special Price රු. 112.50 Regular Price රු. 125.00
In stock
SKU
kalo-clodge-pinochchio-r-b-aththapattu-godage

''පිනෝකියෝ'' වූකලී ලෝකයේ භාෂා 200කට අධික සංඛ්‍යාවකින් පළ වූ The adventures of Pinochchio නම් වන සම්භාව්‍ය කෘතියේ සිංහල සංස්කරණයකි. දඟකාර එහෙත් චමත්කාරයෙන් පිරුණු ළමා සිත යථාර්ථාවබෝධය ලබන හැටි පිනෝකියෝ චරිතයෙන් ධ්වනිත වෙයි.

''පිනෝකියෝ'' මුල් වරට ඉතාලියේ පළ වු අවස්ථාවේ එරට දෙමව්පියෝ සිය දූ දරැවන්ට මෙම කෘතිය ඉහළින් නිර්දේශ කළ හ. ඒ සිය දූ දරුවන්ට පෙර ඔවුන් එය කියවා තිබුණු හෙයිනි.

''පිනෝකියෝ'' හුදෙක් චමත්කාරයෙන් පැවත ප්‍රඥාවෙන් අවසන් වන කෘතියකි.

මෙම ග්‍රන්ථයේ සිංහල පිටපතේ කර්තෘ තෙවරක් රාජ්‍ය සම්මාන දිනුවෙකි. ගත්කරුවෙකි. විද්‍යා ලේඛකයෙකි. ස්වාධීන ජනමාධ්‍යවේදියකි. 2005 යොවුන් සාහිත්‍ය (පරිවර්තන) සඳහා රාජ්‍ය සම්මාන හිමි වුවේ ද මෙම ගත්කතුවරයාට ය.

සාහිත්‍ය ක්ෂේත්‍රයට වූ කැපවීම වෙනුවෙන් 1989 දී ඔහු විදුර විද්‍යා සම්මානයෙන් පුදණු ලැබිණ.

Back to Top