අහිමි වූ උරුමය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
Out of stock
SKU
ahimi-wu-urumaya-kaveesha-nadun-kaggodaarachchi-muses

බිල්බෝ බැගින්ස් නමැති හොබිට්වරයාට තෝරීන් ප්රමුඛ අඟුටුමිට්ටන් දොළොස්දෙනකු සමඟ කලකට පෙර දී අහිමි වූ නිධානයක උරුමය සොයා යාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ් නම් මහා මායාකරුගේ මැදිහත්වීම කරණකොට ගෙන ය. 'ලෝන්ලි මවුන්ටන්' හි වූ එම නිධානය ආරක්ෂා කරනුයේ ස්මෝග් නැමැති ක්‍රෑර මකරෙකු ය. බිල්බෝ, තම ගම්මානය වූ 'ෂයර්' හි සිට 'රියවන්ඩෙල්', මිස්ට් මවුන්ටන් සහ අඳුරු, ගුප්ත, බලවේග සැරිසරන 'මර්ක්වුඩ්' වනාන්තරය හරහා 'ලෝන්ලි මවුන්ටන්' වෙතට ගමන් අරඔයි. අතරමග දී ඔහුට හමුවන ගොලම් නැමැති සත්ත්වයකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ කෙසේ ද? ගොලම් සතු වූ රන් මුදුවේ ඇති බලය කුමක් ද? මුදුවෙන් ලැබූ බලය ද උපයෝගී කරගනිමින්, අනතුරුදායක අවස්ථාවලින් තම සගයන් ද ගලවා ගනිමින්, බිල්බෝ බැගින්ස් අහිමි වූ උරුමය කරා යන ගමනේ කුතුහලය මිශ්රිත, වික්රමාන්විත අවස්ථා රස විඳීමට THE HOBBIT - OR THERE AND BACK AGAIN කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය 'අහිමි වූ උරුමය' කියැවිය යුතු ම ය. 

Back to Top