Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අහිමි වූ උරුමය
About this book

බිල්බෝ බැගින්ස් නමැති හොබිට්වරයාට තෝරීන් ප්‍රමුඛ අඟුටුමිට්ටන් දොළොස්දෙනකු සමඟ කලකට පෙර දී අහිමි වූ නිධානයක උරුමය සොයා යාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ් නම් මහා මායාකරුගේ මැදිහත්වීම කරණකොට ගෙන ය. 'ලෝන්ලි මවුන්ටන්' හි වූ එම නිධානය ආරක්ෂා කරනුයේ ස්මෝග් නැමැති ක්‍රෑර මකරෙකු ය. බිල්බෝ, තම ගම්මානය වූ 'ෂයර්' හි සිට 'රියවන්ඩෙල්', මිස්ට් මවුන්ටන් සහ අඳුරු, ගුප්ත, බලවේග සැරිසරන 'මර්ක්වුඩ්' වනාන්තරය හරහා 'ලෝන්ලි මවුන්ටන්' වෙතට ගමන් අරඔයි. අතරමග දී ඔහුට හමුවන ගොලම් නැමැති සත්ත්වයකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ කෙසේ ද? ගොලම් සතු වූ රන් මුදුවේ ඇති බලය කුමක් ද? මුදුවෙන් ලැබූ බලය ද උපයෝගී කරගනිමින්, අනතුරුදායක අවස්ථාවලින් තම සගයන් ද ගලවා ගනිමින්, බිල්බෝ බැගින්ස් අහිමි වූ උරුමය කරා යන ගමනේ කුතුහලය මිශ්‍රිත, වික්‍රමාන්විත අවස්ථා රස විඳීමට THE HOBBIT - OR THERE AND BACK AGAIN කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය 'අහිමි වූ උරුමය' කියැවිය යුතු ම ය. 

ISBN
9789553727114
පිටු ගණන (Pages)
481
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහිමි වූ උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.