මටත් වසන්තයක්

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
matath-wasanthayak-asela-nirmal-kathru

ඈත හිමව් මදනල සිප 

සීත සඳුන් විමානයේ 

කඩුපුල් මල් මත වැතිරේ

සඳ දිය දෝතක්...

 

ළා අරුණැල්ලක පහසට 

මල්වර වූ මල් කැකුළක 

මකරන්දය මත කොඳුරයි 

සමනළ ගීයක් ...

 

අවරගිරෙන් හිරු බැස යන 

වසන්තයේ හැන්දෑවක

බටහිර අහසින් පෙනුණා

ඉරබටු තරුවක්...

 

රන්තරු මුතුලැල් පරදන 

ඔබේ නීල නෙත් කැල්මෙන්

මගෙ ලෝකෙට පායා එයි

ළා හිරු දහසක්...

Back to Top