නවය; සැඟවුණු කතාව

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
nawaya-sangawunu-kathawa-wimal-weerawansha-nidahase-niyamuwo

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟී ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලීන් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙවියෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.

Back to Top