නවය; සැඟවුණු කතාව
මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟී ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලීන් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙවියෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.