Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යුධ අපරාධ

යුධ අපරාධ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

ප්‍රවීණ ලේඛකයකු වන කොග්ගල වෙල්ලාල බන්දුල මහතා පුවත්පත්වලට සපයන ලද විවිධ ලිපි ඉතා ගැඹුරු සහ අර්ථවත් නිබන්ධන විය. ඔහු විසින් ලියන ලද "වනේ ගිජිඳුආය දුටුවොත් වනසාය" නමැති පොත මැතිවරණ සමයකදී ශ්‍රී ලංකාවේ සිදු වූ මිනීමැරුම් 81 පිළිබඳ විග්‍රහයකි.

යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විවාදයක් ඇති මෙකල මෙවැනි ග්‍රන්ථයක් පළ කිරීම ඉතා දුෂ්කර සහ මුළු ලෝකයම ගැන කියවීමෙන් ලබන ලද පූර්ණ දැනුමෙන් යුතුව කළ යුතු කාර්යයකි. ලේඛකයාගේ පරමාර්ථය වන්නේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමයි. මෙම ග්‍රන්ථය සෑම යුද භටයකු විසින්ම කියවා අවබෝධ කර ගතයුතු යැයි මම විශ්වාස කරමි. මෙම ලේඛකයා දෙන විස්තර සහිත කරුණු සාරාංශ ගත කිරීමට භාෂාව හසුරුවා තිබේ. එය මටසිලිටු වචනවලින් සමන්විතය. එයින් ජාතීන් අතර වෛරය මතු නොකරයි. ජාතීන් අතර සංහිඳියාව සඳහා මෙවැනි ග්‍රන්ථ පළ කිරීම වර්තමාන යුගයේ අත්‍යවශ්‍යය කරුණකි. මෙය දැනුමෙන් පිරි ගිය විඥානයක් ඇති ලේඛකයකුගේ නිර්මාණයකි.

උසස් අධ්‍යාපන අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම

ISBN
9789553059420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යුධ අපරාධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.