හිරිකඩ
2023.04.02 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක.
දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන....
"මට නම් බෑ ඕව කරන්න... මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න"
එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය.
"ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ... දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි... අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඹට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා... වගා කරපල්ලා... එවුව මෙව්වා හදපල්ලා... ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා. දවසෙන් දවස දියුණු වෙයල්ලා. දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්! "
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.