Back to Top
ස්වර්ණ ද්වාර - චන්දි කොඩිකාර
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
Out of stock
SKU
swarna-dwara-chandi-kodikara-rathsara-poth
පෙරුම් පුරා හමු වන්නට
රැයක් පුරා දකපු සිහින
බොඳ වෙන බව සිත කොනකට
නොදනුණා නෙමෙයි
මුදු වදනට හුරු වුණ සිත
රළු බසකින් කැළමුණ සඳ
ගිනි ගත් පොළවට කඳුළක්
නොවැටුණා නෙමෙයි
නෙතු දැලේ පැටලෙන්නට
මට නැති ඉඩකඩ හිමි වුණ
ඔහු සිහි වී සිත තරහක්
නොනැගුණා නෙමෙයි
මහා මේරුවක් තරමට
ආදරයෙන් සිත පිරුණට
අපට අයිති නැති බව අප
නොදැනුණා නෙමෙයි