ත්වරණ
ගුහාව මධ්‍යයේ ඉහල වූ සිදුරෙන් වැසි දිය පහලට පතිත වේ. ඩොප්ලර් ද වහා නැගී සිට යුවතියට අනුරූපව පොකුණට බැස්සේ ප්‍රීතියෙන් පිනා යමිනි. එතරම් ගැඹුරු නොවූ එහි ජලය පිරී තිබුණේ මන්දනාගේ දණහිසටත් මදක් පහළිනි. එහි මන්දනා රැඟුම් රැඟුවේ කීකරු අශ්වයා ඩොප්ලර්ද ප්‍රීතියෙන් ජල ක්‍රීඩාවේ යෙදෙද්දීය. එහෙත් ඈ දෙස තවත් ඒ මොහොතට ආගන්තුක දෑසක් යොමු වී තිබුණි. ආදි මානව ඇටසැකිල්ලෙන් මිදුණූ
ත්වරණ අබිසෙස් මහේශාක්‍ය
පැමිණි බැව් ඇයට වැටහුණේ නැත. සැබෑව නම් මන්දනා ලෝකයම අමතක කර දමා නර්තනයේ යෙදුනු බැවින් ඇය ත්වරණ නුදුටුවාය. මන්දාලෝකයෙන් බබළන ගුහාවේ පොකුණ මැද ශ්වේත වර්ණ දිගු රැළි ගවුම දරණ ඈ දිදුලන්නේ හංසියක විලසිනි. වැහි බිදු සෙමින් ඈ ගත තෙමාලමින් තාල නගන්නේ ත්වරණට සිය පියවි සිහිය අහිමි කරවමිනි.
මන්දනා ගාන්ධර්වි අග්නිපත්‍ර,
ඈ මෙතරම් සොඳුරු ජීවියෙක් දැයි ත්වරණ නැවතත් සිතමින් උන්නේය. ඇගේ සොඳුරු නර්තන රටාව වර්ණවත් වූයේ ඔහුගේ හද මතය.