Back to Top
වටපිළ
Special Price
රු. 180.00
Regular Price
රු. 225.00
Out of stock
SKU
watapila-mahinda-kumara-dalupotha-surasa-fast
හෙළ ගොවිතැනේ මහිමය වන්නේ සොබාදහම ජීවිතය කර ගැනීම ය. ‘කුරුලු පාළුව’ ඊට එක් නිදසුනකි. මන්ද කුරුලු කොබෙයියෝ කෙත් යායේ පණු රෝග මර්දනයට උදව් කළෝ ය. ඊට හිලව්වට ගොවීහු කෙත්යායෙන් කොටසක් කුරුල්ලන්ට පවරා දුන්හ. එහෙයින් රිසි ලෙස වී ඇට කෑමට දැක් වූ ලොල්කම නිසා කුරුල්ලෝ යාය අත්හැර නොගියෝය. එය සශ්‍රීක ගොවිතැනට අත්‍යවශ්‍ය පරිසර සාධකයක් විය. එබඳු වැව් ගම්මාන ජීවන සම්ප්‍රදායයන්ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ රසවත් සත්‍ය තොරතුරු රැසක් ‘වටපිළට’ එකතු වී ඇත.