මන්දාරම් හීනේ

Special Price රු. 1,480.00 Regular Price රු. 1,850.00
In stock
SKU
mandaram-hine-paali-munasinghe-nohadunanni-publishers

"අම්මා! අම්මා දන්නවද මාව නැති කරන්න ඕන කාටද කියලා...

කේශ් ගුගුරද්දී දිශිනි නිකම්ම ඔහුගෙන් ඉවතට විසිවුණි. අම්මා ඇස් ලොකු කරගෙන බලා උන්නාය.

"රවීන්ද්‍ර ජයශාන්ත මෙන්ඩිස්!"

අම්මාගේ අත් දෙකම එසවී ඇඟිලි

තුඩුවලින් මුව වැසුනේ ඇයවත්

නොදැනය. කේශ් අම්මා දෙසට ඇවිද ගොස් ඇගේ පාමුල දණ ගැසුවේ, තාමත් මුව වසා ඉන්නා අත් දෙකෙන් අල්ලාගෙනය.

"මට මේ තරම් වෛර කරන්න මම මොනවද එයාට කලේ..?''

කෝපය වැඩි කමටම ඔහුගේ කටහඬ බිඳුනි.

“අම්මා මොකද කලේ? අපි එයාගෙ කිසිම දෙයක් අරගෙන නෑ නේද? ඇයි මේ තරම් වෛරයක්? ”

ඔහු ඇසුවේ කෙලින් ප්‍රශ්නයකි.

"එයාගෙ නූල් පොටක දෙයක් මම ලඟ නෑ.. ඔයා ඇරෙන්න..”

Back to Top