Back to Top
ඔලිවර් ට්විස්ට්
Special Price
රු. 342.00
Regular Price
රු. 380.00
In stock
SKU
oliver-twist-charls-dickens-kumudu-jayawardhana-tharanga
එකෙණෙහි ම ඩොජර් සහ බේට්ස් මහලු පුද්ගලයා සිටි දෙසට දිව ගියහ. පොත් කෙරෙහි දැඩි ව අවධානය යොමු කර සිටි ඔහුට ළමුන් දෙදෙනා පැමිණි බව හෝ සිය ලේන්සුව සොරාගත් බව හෝ නොදැනිණි.ඔලිවර් බිය වී එදෙස බලා සිටියදී ඩොජර් සහ බෙට්ස් පළා ගියහ.ෆෙගින් සහ ඔහුගේ කොලු රෑන කරගෙන යන ජාවාරම කුමක් ද යන්න පිළිබඳ ව අවසානයේදී ඔලිවර් වටහා ගත්තේය.
ඔලිවර් කිසිසේත් අපේක්ෂා නොකළ එම සිද්ධිය නිසා අන්දමන්ද වි සිටියේ ය.ඔහු තමන්ට හැකි උපරිම වේගයෙන් දුවන්නට පටන් ගත්තේ ය.ඩොජර් සහ බේට්ස් ඒ වන විටත් පේන තෙක් මානයක නොවූහ.
'' ඒයි නැවතියං හොරො !''