මේ ගසට ගල් ගසන්න
නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය.
මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත්‍යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප්‍රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ්‍යයෙකු වීමය. විවිධ ගරා වැටුම්, සලා වැටුම් මැද ඔහු මනුෂ්‍ය සමාජයක් සිහිනය කොට ගනිමින් සටන් වැදීමය. එයින් ඔහුගේ මනුෂ්‍ය ආත්මය තියුණු වීමේ ප්‍රතිඵලය සුදිලුම් නගන පොරෝ තලයක් බඳු කව්යක් බිහි වීමය.