Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

About this book

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය.

මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත්‍යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප්‍රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ්‍යයෙකු වීමය. විවිධ ගරා වැටුම්, සලා වැටුම් මැද ඔහු මනුෂ්‍ය සමාජයක් සිහිනය කොට ගනිමින් සටන් වැදීමය. එයින් ඔහුගේ මනුෂ්‍ය ආත්මය තියුණු වීමේ ප්‍රතිඵලය සුදිලුම් නගන පොරෝ තලයක් බඳු කව්යක් බිහි වීමය.

ISBN
9786245546770
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ ගසට ගල් ගසන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.