මේ මිනිසෙකු නම්

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
me-miniseku-nam-primo-levi-gamini-weyangoda-sarasavi-publishers

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවි, එදා මිහි මත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන, එළැඹි සිහියෙන් යුතුව ආවර්ජනා කළේය. ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙනෙන්නේ එක පරමාර්ථයක් පෙරදැරිව ය. එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලාගැනීම ‘මිනිසා’ යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬගා කීමටයි.

දවසක් 'අවුෂ්විට්ස්’ මාරක කඳවුරට ඇතුළත් කරගැනුණු ‘කෑලි’ 125 කින්, ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ 'කෑලි' තුනක් පමණි. තමා එයින් එක 'කෑල්ලක්' වීම ගැන, මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප්‍රහේලිකාවක් හොල්මන් කළේය. මරණය දක්වාමත් එය විසඳාගැනීමට ඔහුට හැකි විණිදැයි සැකසහිත ය.

Back to Top