Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ මිනිසෙකු නම්

මේ මිනිසෙකු නම්

About this book

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවි, එදා මිහි මත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන, එළැඹි සිහියෙන් යුතුව ආවර්ජනා කළේය. ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙනෙන්නේ එක පරමාර්ථයක් පෙරදැරිව ය. එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලාගැනීම ‘මිනිසා’ යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬගා කීමටයි.

දවසක් 'අවුෂ්විට්ස්’ මාරක කඳවුරට ඇතුළත් කරගැනුණු ‘කෑලි’ 125 කින්, ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ 'කෑලි' තුනක් පමණි. තමා එයින් එක 'කෑල්ලක්' වීම ගැන, මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප්‍රහේලිකාවක් හොල්මන් කළේය. මරණය දක්වාමත් එය විසඳාගැනීමට ඔහුට හැකි විණිදැයි සැකසහිත ය.

ISBN
9789553119735
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ මිනිසෙකු නම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.