Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කල්කි - සරසවි ප්‍රකාශන

කල්කි - සරසවි ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ආගම් ප්‍රචාරය, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ ලෝකාවසානය එකට ගෙන, ආදිකාලීන හින්දු විශ්වාස සමග මිශ්‍රකොට, නව මිනිස් වර්ගයක් බිහිකිරීමේ පරමාදර්ශය යටතේ බිහිවන ව්‍යාපෘතියක් තුඩුදෙනු ඇත්තේ කුමනාකාරයේ ලෝකයක් බිහි කිරීමටද?

ජීවිතය සහ මරණය අතර උභතෝකෝටිකය ඉදිරියේ මිනිසාගේ අසරණභාවය සහ ව්‍යාකූලත්වය මොන තරම් ගැඹුරුද සහ සංකීර්ණද යන්න, ගෝර් විදාල් නැවත වරක් සූර නවකතාකරුවෙකු සේ 'කල්කි' තුළින් විමර්ශනයට භාජනය කරයි. විෂ්ණුගේ අවසාන අවතාරය විසින් ලෝකය විනාශ කරනු ලැබීම සහ පරමාදර්ශී මිනිසා උත්පාදනය කරගනු ලැබීම පසුපස ඇති යථාව තුළ පවතින බිහිසුණු උත්ප්‍රාසය නවකතාවක් තුළින් මේ සා සියුම්වත්, නිර්මාණාත්මකවත් ඉදිරිපත් කළ හැක්කේ සූර ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකුටම පමණි.

මිනිස් ජීවිතයට අදාළ කුමන විෂයයන් සම්බන්ධයෙන් වුවත් නිර්මාණාත්මක ප්‍රවේශයක එළිය නොමඳව උරාගැනීමේ අපූරු හැකියාවෙක් යුත් ගෝර් විදාල 2012 දී මියයන තෙක් සැලකුණේ නූතන ඇමරිකානු නවකතාවේ ප්‍රවීණතම නියමුවෙකු වශයෙනි.

ISBN
9789553117687
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කල්කි - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.