සිසිරයේ රැයක මඟියෙකු... නම්
ඉතාලෝ කැල්විනෝ ඉපදුණේ කියුබාවේදී ය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේ ය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්‍රබලයෙකි. කැල්විනෝගේ නවකතාවක් හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ “නියම මිනිසෙකි” යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති. මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්ව නිර්මාණයකි.
මෙහිදී ඔබද නවකතාවේ චරිතයක් බවට පත් වේ. ඊට අමතරව, කතුවරයාද, නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා, නවකතාවේම චරිතයක් මෙනි. මේ නිසා, නවකතාවෙන් ඉදිරිපත් කෙරෙති යි කියන යථාර්ථය, ඉතා සියුම් ආකාරයෙන්, යටින් හාරා බිඳ දැමෙන බවක්, පාඨකයාට හැඟෙන්නට පිළිවන. විටෙක, මේ නවකතාවේ සුක්කානම, කතුවරයා අතින් පාඨකයා අතට මාරුවන බවක්ද පෙනුණොත්, කෙනෙකු ඉන් පුදුමයට පත්විය යුතු නැත.
ලෝකාවසානය අත ළඟ බව යම් හෙයකින් දැන ගැනීමට ලැබුණොත්, ඒ අවසාන පැය කිහිපයේ කියවීම සඳහා තමා ළඟ තබා ගන්නේ, ඉතාලෝ කැල්විනෝගේ නවකතාවක් බව, වරක් සල්මන් රුෂ්ඩි කියා ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.