එදා සෙනෙහෙන් නොබැඳුණානම්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
Out of stock
SKU
eda-senehen-nobedunanam-gayana-s-lakmali-gayaa-creations

දෙනෙත් පෙති මත කදුළු නොසලා

දරාගෙන නොසැලී හිඳින්නම්

සසල හදවත නිසල කරගෙන

සුසුම් වැල් නොහෙළා හිඳින්නම්

 

සිතේ අහුකොන් පුරා හෙමිහිට

පා නගන රුව මග හරින්නම්

මතු භවයෙ ඔබ මගෙම වීලා

යළිත් එනතුරු බලා ඉන්නම්

 

ඉඩ ලැබේ නම් ඔය සුරත මත

අත තබා සැනහී හිඳින්නට

ලැබේනම් ඔබෙ විසල් පපුවේ

හිස තබා සුසුමන් හෙළන්නට

 

හැඟේ නම් ඔබ කාගෙවත් නොව

මගෙම පමණක් යැයි කියන්නට

හැකිය මට මතු භවය එනතුරු

කදුළු නොසලා දරා ගන්නට

Back to Top