My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
දෙනෙත් පෙති මත කදුළු නොසලා
දරාගෙන නොසැලී හිඳින්නම්
සසල හදවත නිසල කරගෙන
සුසුම් වැල් නොහෙළා හිඳින්නම්
සිතේ අහුකොන් පුරා හෙමිහිට
පා නගන රුව මග හරින්නම්
මතු භවයෙ ඔබ මගෙම වීලා
යළිත් එනතුරු බලා ඉන්නම්
ඉඩ ලැබේ නම් ඔය සුරත මත
අත තබා සැනහී හිඳින්නට
ලැබේනම් ඔබෙ විසල් පපුවේ
හිස තබා සුසුමන් හෙළන්නට
හැඟේ නම් ඔබ කාගෙවත් නොව
මගෙම පමණක් යැයි කියන්නට
හැකිය මට මතු භවය එනතුරු
කදුළු නොසලා දරා ගන්නට
Author | ගයනා එස්. ලක්මාලි - Gayana S. Lakmali (38) |
---|---|
Publisher | ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (55) |
ISBN | 9789550929610 |
---|---|
පිටු ගණන | 264 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |