About this book
පිළිවෙලින් ත්‍රිවිධ රත්නය වන්දනා කළ ඔහු මදකට හෝ පැන් වීදුරුවෙන් ඇස ඉවතට නොගෙනම 'පැමිණි කාරණය සිහිපත් කර ගන්නැයි' උපදෙස් දුන්නේය.
''සහෝදර කැක්කුමට ආ ගමනක් නේද පුතේ...?''
''එහෙමයි...''
පිළිතුරු දුන්නේ ගුරුවරයා නොව සිසුවාය.
''දැන් ඒ ගැන හොයලා කාරියක් නෑ දරුවො... ඒ දරීවි අතුරුදන් වෙච්චි දවසෙම වෙන්න ඕන දේ වෙලා ඉවරයි...''
''ඒ කිව්වෙ උපාසක මහත්තයා... අක්කට මොකද වෙලා තියෙන්නෙ...?''
ප්‍රමුදිත තරමක් ආවේගශීලීව උපාසක මහතාගේ මුහුණ බැලුවද ඔහු ප්‍රමුදිතගේ බැල්මවත් දුටුවේ නැත.
''වැවකට ගලක් ගහපු අලුත වැව කැලඹෙනවා වැඩිනෙ පුතේ. දැන් ඒ දිය රැළි මැකිලා ගිහින් වැව පෑදිලා තියෙන එකේ ආයෙ මොකටද අපි ගල් කැට වීසි කරන්නෙ...?''
ඔහු පිළිතුරු දුන්නේ බොහෝ නිවී සැනසී ගිය හඬෙනි.
Details
ISBN
9789550929290
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review