විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
vidyawe-saha-minis-molaye-jayantha-lal-rathnasekara-samudra

විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටන් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ්‍යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද?

මේ කුතුහලය දනවන පුවත් කිහිපයකි. ඒවා ඇත්ත දැයි එකවර සිතේ. එහෙත් මේ විද්‍යාත්මක පර්යේෂණ සමීක්‍ෂණ ගණනාවක ප්‍රතිඵල පදනම් කරගත් තොරතුරුය. ලොකු-කුඩා කාහටත් එක සේ කියවා රස විඳිය හැකි, විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් පිළිබඳ නැවුම් හා රසවත් තොරතුරු රාශියක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. එදිනෙදා ජීවිතය හැඩගසා ගැනීමට, වඩාත් සාර්ථක කර ගැනීමට උගත හැකි පාඩම් බොහොමයක් ද මෙහි අඩංගු වී ඇත්තේය.

මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මේ වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවය කරයි.

Back to Top