Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

About this book

විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටන් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ්‍යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද?

මේ කුතුහලය දනවන පුවත් කිහිපයකි. ඒවා ඇත්ත දැයි එකවර සිතේ. එහෙත් මේ විද්‍යාත්මක පර්යේෂණ සමීක්‍ෂණ ගණනාවක ප්‍රතිඵල පදනම් කරගත් තොරතුරුය. ලොකු-කුඩා කාහටත් එක සේ කියවා රස විඳිය හැකි, විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් පිළිබඳ නැවුම් හා රසවත් තොරතුරු රාශියක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. එදිනෙදා ජීවිතය හැඩගසා ගැනීමට, වඩාත් සාර්ථක කර ගැනීමට උගත හැකි පාඩම් බොහොමයක් ද මෙහි අඩංගු වී ඇත්තේය.

මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මේ වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවය කරයි.

ISBN
9786242032856
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.