Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විල මැද සටන
About this book

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙක පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි.

1917 ඔක්තෝබර් විප්ලවයට පසුව සෝවියට් රතු හමුදාව සහ ප්‍රති විප්ලවීය සුදු හමුදාව අතර ඇවිළුණු සටන් වසර කිහිපයක් පැවති අතර, මෙම කෙටි නවකතාවෙන් එහි සියුම් පැතිකඩක් විස්තර කෙරෙන්නේය. රුසියානු උතුරුකරයේ කරේලියා ස්වයං පාලන ප්‍රදේශයේ පිහිටි ඔනේගා සහ ලැදෝගා විල් අවට සිදුවූ සටන් කිහිපයක් මෙහි විස්තර කෙරෙන්නේය. පවුස්තොව්ස්කි තමන්ගේ අනෙකුත් නිර්මාණ තුළ දී පරිදි ම, මෙහි ද අගනා පරිසර වර්ණනාවක යෙදෙන්නේය. මානව හැඟීම් සහ සබඳතා විග්‍රහ

කොට ඇති ආකාරය ද අපූරුය. මෙම කෙටි නවකතාව ඔබ හැමට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය.

මොස්කව් නුවර ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මම පරිවර්තනය, සෘජුව ම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

ISBN
9786242034003
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විල මැද සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.