ලුමුම්බා සරසවියේ දසවසක්
ලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග්‍රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක්‍රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි.
මොස්කව් නුවර පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. හෙතෙම 2017 සිට, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.