Back to Top
ජීවිතය වැය කළෙමි
Special Price
රු. 560.00
Regular Price
රු. 700.00
In stock
SKU
jeewithaya-waya-kalemi-sarath-wijesooriya
“ජීවන අන්දර අසමින් - කියමින් - විඳිමින් අපි ජීවත් වන්නෙමු. ඒ අන්දරවලින් පදාසයකට පාදක වී තිබෙන්නේ ස්ත්‍රී - පුරුෂ බැඳීම් ය. සමහර බැඳීම් සම්මත ඒවා වේ. සමහර බැඳීම් අසම්මත ඒවා වේ. ඒ අන්දර ඇතුළෙන් නැගෙන ‛හඬවල්’ මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි ‛අනුවේදනීය රාව' නංවයි. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන අන්දම
බිඳවැටෙන අන්දම සමාජ ක්‍රියාදාමයේ හා මානව ජීවිතවල පැවැත්මේ යථාර්ථය වේ. කවුරුන්ට හෝ තුවාල විය හැකි අන්දම; තුවාල සිදු වුණ අන්දම; තුවාල කර ගන්නා අන්දම මෙහි ඇතුළත් ජීවන අන්දර ඔස්සේ විදහා දැක්වෙන්නේ ය.