දිවිසිළු

Special Price රු. 440.00 Regular Price රු. 550.00
In stock
SKU
diwisilu-thamodya-prasadi-jayarathna-susara-publications

දිවිසිළු දල්වා තිබූ ගල්ලෙන තුළ පසෙක හිඳ භාවනානුයෝගීව වැඩ සිටි ගෝතමී සිල්මාතාව දෙස බලා සිටි යසෝ, උන්වහන්සේට කිට්ටුව භාවනානුයෝගීව අසුන් ගත්තේ තුරු පත් අතරින් යන්තමට පෙනෙනා රුවන්වැලි සෑයේ කොත දෙස බලා ගැඹුරු හුස්මකින් පපුව පුරවා ගනිමිනි. යසෝ හට දැනුණේ විශ්වයේ විස්මිත සාරය ඇගේ පෙණහලු තුළට රිංගා ඇති බවකි. අවසන ඇය තදින් දෑස් පියා ගත් වගම භාවනාවෙහි නිමග්න වූවා ය. යසෝ ගිහියෙකු අයුරින් ගෝතමී සිල්මණියන් හට උපස්ථාන කරමින් භාවනාව ප්‍රගුණ කිරීම උත්සාහවත් වෙමින් සිටියා ය.

දිවිසිළු සුළං රැල්ලට දඟලමින් තිබිණි. සුවඳ කූරුවලින් සුගන්ධවත් වූ ලෙන අසලින් පසෙකට ඇදී ගිය නාගයෙක් ඔවුනට හිංසා නොකරම ගොල්ලක් අතරින් සැඟවී ගියේ ය.

 

Back to Top