සමනල තටුවක් විකිණිමට

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
samanala-thatuwak-malindu-kavinda-godage

මේ කුඩා සිර කුටියෙහි 

විසල් ලෝකයක් තිබේ 

මගේ සිත තුළ

 

ගමේ වෙල් දෙණි වල

හෙලුවැලි දෙපයින් දිවයන 

කුඩා කොලුවෙකි මම

 

ගලහ පාරේ වැස්සට

ඈ තුරුල් කරගෙන ඇවිදින 

බොඳ සිතුවමකි මම

 

පොඩි දූ වඩා ඔසවා

පෙරහැරේ නැටුම් පෙන්වන 

ආදර තාත්තා මම

 

මධු සාදයක මැද

ජෝතිගෙන් ඔබ පිනවන 

ගී ගයන භෘංගයා මම

 

ෆ්‍රොයිඩ්ගේ සිහිනයෙන්

සිසු විමසු ගැටලු පහදන 

ඇදුරු මිතුරා 

 

එසැණ

දිගු කරන විට මා බිරිඳ 

බෙහෙත් පෙති සහ වතුර 

ඈ අණට කීකරුව ඒ විසල් ලෝකයෙන් බැස යන

සිරකරුවෙක්මි මම

Back to Top