සමනල තටුවක් විකිණිමට
About this book
මේ කුඩා සිර කුටියෙහි
විසල් ලෝකයක් තිබේ
මගේ සිත තුළ
ගමේ වෙල් දෙණි වල
හෙලුවැලි දෙපයින් දිවයන
කුඩා කොලුවෙකි මම
ගලහ පාරේ වැස්සට
ඈ තුරුල් කරගෙන ඇවිදින
බොඳ සිතුවමකි මම
පොඩි දූ වඩා ඔසවා
පෙරහැරේ නැටුම් පෙන්වන
ආදර තාත්තා මම
මධු සාදයක මැද
ජෝතිගෙන් ඔබ පිනවන
ගී ගයන භෘංගයා මම
ෆ්‍රොයිඩ්ගේ සිහිනයෙන්
සිසු විමසු ගැටලු පහදන
ඇදුරු මිතුරා
එසැණ
දිගු කරන විට මා බිරිඳ
බෙහෙත් පෙති සහ වතුර
ඈ අණට කීකරුව ඒ විසල් ලෝකයෙන් බැස යන
සිරකරුවෙක්මි මම
Details
ISBN
9786240027120
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review