My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
මේ කුඩා සිර කුටියෙහි
විසල් ලෝකයක් තිබේ
මගේ සිත තුළ
ගමේ වෙල් දෙණි වල
හෙලුවැලි දෙපයින් දිවයන
කුඩා කොලුවෙකි මම
ගලහ පාරේ වැස්සට
ඈ තුරුල් කරගෙන ඇවිදින
බොඳ සිතුවමකි මම
පොඩි දූ වඩා ඔසවා
පෙරහැරේ නැටුම් පෙන්වන
ආදර තාත්තා මම
මධු සාදයක මැද
ජෝතිගෙන් ඔබ පිනවන
ගී ගයන භෘංගයා මම
ෆ්‍රොයිඩ්ගේ සිහිනයෙන්
සිසු විමසු ගැටලු පහදන
ඇදුරු මිතුරා
එසැණ
දිගු කරන විට මා බිරිඳ
බෙහෙත් පෙති සහ වතුර
ඈ අණට කීකරුව ඒ විසල් ලෝකයෙන් බැස යන
සිරකරුවෙක්මි මම
Author | මලිඳු කාවින්ද කුමාරසිංහ - Maindu Kavinda Kumarasinghe (4) |
---|---|
Publisher | ගොඩගේ - Godage (461) |
ISBN | 9786240027120 |
---|---|
පිටු ගණන | 84 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |