වජ්ජා'වජ්ජ

Special Price රු. 1,280.00 Regular Price රු. 1,600.00
In stock
SKU
wajja-wajja-jayasiri-alawaththa-ahasa-publishers

ආදරයේ අන්තය ලිංගිකත්වය ද...?

ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...?

ස්ත්‍රී පුරුෂ මිත්‍රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...?

සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරුවා හරින්නට කිසිදු ස්ත්‍රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත්‍රත්වයෙන් බැඳුණු ස්ත්‍රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත්‍යවශ්‍ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇතිවීමට පවත්නා ඉඩ-කඩ අල්ප ය.

එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප්‍රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත්‍රත්වයේ ම දිගුවක් ලෙසිනි. ලිංගිකත්වය අභිභවන මිත්‍රත්වය පවත්වා ගනිමිනි. ඉනික්බිති ඔවුන් අතර පැවති මිත්‍රත්වය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑමට හැකි වුවා ද නැද්ද යන්න ස්ථිර ලෙස ම නිගමනය කළ හැකි වන්නේ පාඨක ඔබ මෙම කෘතිය නිවැරැදිව කියවා ගන්නේ නම් පමණි.

 

Back to Top