Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වජ්ජා'වජ්ජ

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආදරයේ අන්තය ලිංගිකත්වය ද...?

ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...?

ස්ත්‍රී පුරුෂ මිත්‍රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...?

සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරුවා හරින්නට කිසිදු ස්ත්‍රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත්‍රත්වයෙන් බැඳුණු ස්ත්‍රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත්‍යවශ්‍ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇතිවීමට පවත්නා ඉඩ-කඩ අල්ප ය.

එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප්‍රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත්‍රත්වයේ ම දිගුවක් ලෙසිනි. ලිංගිකත්වය අභිභවන මිත්‍රත්වය පවත්වා ගනිමිනි. ඉනික්බිති ඔවුන් අතර පැවති මිත්‍රත්වය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑමට හැකි වුවා ද නැද්ද යන්න ස්ථිර ලෙස ම නිගමනය කළ හැකි වන්නේ පාඨක ඔබ මෙම කෘතිය නිවැරැදිව කියවා ගන්නේ නම් පමණි.

 

ISBN
9786246004101
පිටු ගණන (Pages)
577
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වජ්ජා'වජ්ජ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.