Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආෂාඪ පුෂ්පය

ආෂාඪ පුෂ්පය

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ආෂාඪ පුෂ්පය” නවකතාවට පසුබිම් වන්නේ සිංහලයේ අන්තිම රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීම පිළිබඳ ඛේදජනක කතාන්දරය යි. සිංහල ජාතිය අවසන් ලෙස අභිමානයෙන් රැකගත් කන්ද උඩරට සෙංකඩගල රාජධානිය සුද්දා අතට පත් වූයේ හේතු - සාධක ගණනාවක් නිසා ය. උඩරට ප්‍රභූන් අතර පැවැති දේශපාලන ආරවුල්, ජාතිවාදය, කුලවාදය, අසමගිය, පමණක් නොව රැවටීම හා මෝඩකම ද ඒ අතර පවතී. ඇතැම්විට සිංහල ප්‍රභූන් අතර පැවැති අවංකභාවයෙන් ද සුද්දා ප්‍රයෝජන ගත්තේ ය. අවසානයේ කිසිදු කලබලයකින් තොරව රාජ්‍ය අතට ගත් ඉංග්‍රීසිකාරයා සියලු ප්‍රභූහු සිරභාරයට ගත්හ. මේ කතාවේ දේශපාලන අර්ථ හා මනුෂ්‍යයන් පිළිබඳ ශෝකජනක කතාන්දරය ද කතුවරයා ඉතා ආකර්ෂණීය ලෙස නිරූපණය කරයි. කතාවේ ප්‍රධාන චරිතය ලෙස තෝරාගෙන ඇත්තේ ඇහැළේපොළ අදිකාරම ය. ඔහු උඩරට කැරැල්ලට සම්බන්ධ ප්‍රධාන චරිතයකි. ඇහැළේපොළ මේ කැරැල්ලේ දී ඉංග්‍රීසිකාරයාගේ පැත්ත ගත්තේ ඇයි යන ගැටලුවට යුක්ති සහගත පිළිතුරු සැපයීමක් ද මෙහි තිබේ. ඔහු වඩිග පාලනයට එරෙහිව කුමන්ත්‍රණ කළේය. සිංහල උරුමයක් ගැන කතා කළේය. සුද්දාට වඩා වඩක්කයන් අශික්ෂිත බව තේරුම් ගත්තේ ය. එහෙත් මේ සියල්ල රැවටීම් ය. ඉංග්‍රීසි පාලනයේ ප්‍රයෝග එදා ප්‍රභූන්ට වැටහුණේ නැත. කතාව දිග හැරෙන්නේ ඇහැළේපොළ මුරුසි දිවයිනෙහි සිරගතව ගෙවන මුස්පේන්තු ජීවිතය සමඟින් ය. ඔහු වසර ගණනාවක් මුරුසි දිවයිනෙහි හුදෙකලා ජීවිතයක් ගත කරන අතර මරණය තෙක් ඔහු කරන ආවර්ජනා, පසුතැවීම් හා විවේචන මේ කෘතියට ඇතුළත් ය. ඇහැළේපොළ ස්වයං විවේචනයක යෙදෙයි. ඒ අතර සෙසු චරිතවල දෘෂ්ටියෙන් ද ගැටලු දෙස බලන්නට පෙලැඹෙයි. අවසන් ලෙස හැම පැත්තකින් ම මතුවන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ අපූරු විග්‍රහ පෙ‍ළකි. ඇසළ බණ්ඩාර, මහ නිලමේ හෙවත් ඇහැළේපොළ අදිකාරම්ගේ චරිතය ගොඩනැඟී ඇත්තේ පරමාදර්ශී චරිතයක් ලෙස ය. ඔහු ඉංග්‍රීසිකාරයාට සහයෝගය පළ කරන්නේ සිංහල රාජධානිය වඩිග ආක්‍රමණවලින් බේරාගැනීම සඳහා ය. ඒ හැරෙන්නට ඔහු කිසි දිනෙක මත්පැන් තොල නො ගෑ යහපත් බෞද්ධයෙකි. ඔහු යුද වදින්නේ තමන්ගේ රට හා ජාතිය වෙනුවෙන් ය. අපූරු ප්‍රේමවන්තයකු ද වන ඇසළ බණ්ඩාර ප්‍රේමය නිසා ම රාජ උදහසට ද ලක් වේ. බොහෝ ගැටලු බුද්ධිමත් ලෙස විග්‍රහ කරන ඔහු අවංක රාජ්‍ය නිලධරයකු සේ ද සැලැකිය හැකි ය. තම පරම සතුරා වූ කන්නසාමිගේ රාජ්‍ය පාලනයට ඔහු කලින් දක්වන සහයෝගය ඊට නිදසුන් ය. 

ISBN
9789553047373
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආෂාඪ පුෂ්පය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.