රෙඩ් වයින්

Special Price රු. 1,440.00 Regular Price රු. 1,600.00
In stock
SKU
red-wine-chethana-de-silva-ahas-publishers

නම මොකක්ද?”

"මං දන්නෙ නෑ"

ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල දිලෙනා විදුලි පහන්වල එළි තරු කැට මෙන් දිස්විය.

“දවස් දෙකක් බංගලාවේ නතරවෙලා හිටපු... රැයක් එළිවෙනකම් උඹත් එක්ක නිදා ගත්ත ගෑනිගේ නමවත් දන්නෙ නැද්ද?”

ඔහු හිස දෙපසට සැව්වේය.

"ඒත් මං එයාට ආදරේ කිව්වා. එයත් මට කිව්වා. අපි එක පැය ගාණකට ආදරේ කරා.”

ඔහු එසේ පවසා සිගරටය දෙතොල් අතරට ගත්තේය.

“ආදරේට අමතර තව දේවලුත් වුනා. මේ කවුද කියලවත් දන්නෙ නැති පාරේදි මීට් වුන ගෑනියෙක් එක්ක. එක දවසක් තුළ... යකෝ ඒක හරි විකාරයක්නේ. මොනවත්ම උඹ ඒකි ගැන දන්නෙ නැද්ද?”

"දන්නවා...” ‛මොනවද??”

Back to Top